ඉන්ධන පෝලිම්වල සිටින්නන්ට ඇමතිගෙන් ඉල්ලීමක්

Spread the love

බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් රැසක් කර ඇති බව ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. ජනතාව පෝලිම් ගැසී සිටින ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ වාහන ඉවත් කිරීමෙන් පසුව පමණක් බව අමාත්‍ය කාංචන විජේසේකර තවදුරටත් අනතුරු ඇඟවූ බවට වාර්තා වේ.

තවදුරටත් ඔහු කියා ඇත්තේ අලුතින් හඳුන්වා දුන් ජාතික ඉන්ධන බලපත්‍රය සහ වාහන අංක තහඩුවේ අවසාන අංකය යන දෙකම අනිවාර්ය කරන බවයි. එය ක්‍රියාත්මක වන දිනය නිශ්චිතව ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා දන්වා ඇති බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර්යි. මේ පිලිබදව විජේසේකර මහතා තවදුරටත් කියා සිටියේ පද්ධතිය සකස් කර එය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවයි. නමුත් ඉදිරි මාස කිහිපය තුළ සෑම දෙනාටම සතිපතා කෝටාවක් සහතික කිරීම සඳහා එය ක්රියාත්මක කළ යුතු බවටත් මෙය සුමටව ක්‍රියාත්මක කිරීමට මහජන සහයෝගය අවශ්‍ය බවත් අවශ්‍ය පරිදි එය වැඩිදියුණු කරන බවත් ඔහු පැවසූ බවට වාර්තා වේ.

RSL

Related Posts