ඉන්දියානු රජයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභී පවුල්වලට ආධාර

Spread the love

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සුලර් ජෙනරාල් දිපින් පී ආර් මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් මාදම්පාගම, හික්කඩුව සහ රජ්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ වල දිලිඳු පවුලේ 100 කට පමණ වියලි ආහාර ලබාදීම පසුගියදා (13.08.2021) සිදුවිය.

ඊට සමගාමීව එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල පිහිටි අඩු පහසුකම් ඇති පාසක් 20ක් සදහාද අවශ්‍ය පාසල් උපකරණ හා ඉංග්‍රීසි පොත්පත් ලබාදීමද එම පාසල් වල විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
දුලාන් හෙට්ටිආරච්චි මහතා එම කටයුතු සම්බන්ධීකරණය කල අතර මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංශ මහතා, එම ප්‍රදේශ වල ගරු නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, දකුණු පලාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රී පරාක්‍රම මහතා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි විය.

RSL

Related Posts