ඉදිරියේදී මහින්ද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණයි… නුදුරේදීම එන අලුත් පණතක් කරලියට…

Spread the love

නුදුරේදීම දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ ජනාධිපතිවරුනට අතහැරීම උගන්වන අලුත් පණතක් පිලිබදව තොරතුරු අපට වාර්තා වේ.. එම පනත අනුව දෙවරක් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලෙස පත්ව ධුර කාලය නිමවූ ජනාධිපතිවරයෙක් හට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකි අතර පළාත් සභාව නියෝජනය කිරීමේ හැකියාවක්ද ඔහුට නැත. එහෙත් ඔහුට හෝ ඇයට දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය නම් ඔහුගේ/ඇයගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම උදෙසා ඔහු හැදුනු වැඩුණු ඡන්දය භාවිතා කරන ප්‍රාදේශීය සභාවේ නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීමට ඔහුට/ඇයට අවස්ථාව සලසා ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පමණක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණක්ද තරග කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

Related Posts