ඉණ අඟල් 40ට වඩා වැඩි පිරිමින්ට ‘පිළිකා මරුවා’ අතවනයි !

Spread the love

ඉණ වට ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි පිරිමින් ඊට වඩා අඩු ඉණ වට ප්‍රමාණයක් ඇති පිරිමින්ට වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමට ඇති සම්භාවිතාව 35%ක් බවයි මෙහිදී ඔවුන් හදුනාගෙන තිබෙන්නේ.

ඉණ වටා වට ප්‍රමාණය අඟල් 40ට වැඩි පිරිමින් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මිය යාමේ වැඩි අවදානමක් ඇතැයි නවතම පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

ඉණ අඟල් 40 (සෙන්ටිමීටර් 103) හෝ ඊට වැඩි පිරිමියෙකු ඉණ වට ප්‍රමාණය අඟල් 35 වඩා අඩු පිරිමියෙකුට (90cm) වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මිය යාමේ අවදානම 35%ක් බවයි එම පර්යේෂණය කියන්නේ.

මෙම පර්යේෂණය සදහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් විසින් පිරිමින් 200,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදා ගෙන තිබෙනවා.

මෙහිදී සොයා ගත් තවත් සුවිශේෂ කරුණක් වන්නේ සමස්ත ශරීර පුරා මේදය පැතිර ඇති පුද්ගලයින් තුළ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා සදහා වැඩි අවධානමක් දක්නට නොමැති බවයි.

මෙයින් ඇඟවෙන්නේ පිරිමින් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවට ගොදුරු වන්නේ ඉණවටා ඇති අධික මේදය නිසා බවයි.

අක්මාව, අග්න්‍යාශය හා බඩවැල් වැනි අත්‍යවශ්‍ය අවයවවලට බලපෑම් කරන නිසා බඩේ ගබඩා කර ඇති මේදය වඩාත් භයානක වර්ගය ලෙස සැලකේ. 

මෙය ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති කළ හැකි අතර පිළිකා සෛල වර්ධනයට දායක වන බව පර්යේෂකයෝ පැවසූහ.

මෙවර ‘තරබාරුකම පිළිබඳ යුරෝපීය හා ජාත්‍යන්තර සමුළුවේ දී ‘ (ECOICO) ඉදිරිපත් කරන ලද මෙම නවතම පර්යේෂණය සදහා එක්සත් රාජධානියේ පිළිකා රහිත පිරිමින් 218,225ක් පිළිබඳව සොයා බැලූ අතර, ඔවුන්ගේ වෛද්‍ය දත්ත එක්සත් රාජධානියේ ජෛව බැංකුවේ ගබඩා කර ඇත.

ඔවුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI), මුළු ශරීර මේද ප්‍රතිශතය, ඉණ වට ප්‍රමාණය සහ ඉණ සිට උකුල අනුපාතය දෙස විද්‍යාඥයින් වසර 10 ක් තිස්සේ නිරීක්ෂණය කර ඇත.

ඉණ වට ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි පිරිමින් ඊට වඩා අඩු ඉණ වට ප්‍රමාණයක් ඇති පිරිමින්ට වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමට ඇති සම්භාවිතාව 35%ක් බවයි මෙහිදී ඔවුන් හදුනාගෙන තිබෙන්නේ.

පුරස්ථි පිළිකා යනු කුමක්ද?

පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හේතුවෙන් පියයුරු පිළිකාවලට වඩා වැඩි පිරිසක් වාර්ෂිකව මිය යන බව පසුගිය දා මහා බ්‍රිතාන්‍ය විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වුණා.

මහා බ්‍රිතාන්‍යෙය් වාර්ෂිකව පියයුරු පිළිකාවෙන් මිය යන කාන්තාවන් 11,400 ක් සමඟ සසඳන විට වසරකට පිරිමින් 11,800 කට වැඩි පිරිසක් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාව හේතුවෙන් මිය යනවා.

එය කෙතරම් ඉක්මනින් වර්ධනය වේද? 

බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සදහන් කරන ආකාරයට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාව සාමාන්‍යයෙන් සෙමින් වර්ධනය වන බැවින් යමෙකුට වසර ගණනාවක් තිස්සේ එහි කිසිදු සලකුණක් හදුනා ගත නොහැකියි. රෝග ලක්ෂණ ඇති නොවන්නේ නම්, ‘සෝදිසියෙන් සිටීම’ හෝ ‘සක්‍රීය සෝදිසි කිරීම’ වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සමහර රෝගීන්ට මුල් අවධියේදී ප්‍රතිකාර කළහොත් සුව කළ හැකි නමුත් කල්ගත වූ රෝගීන් සුව කිරීමට නොහැකියි.

පරීක්ෂණ සහ ප්‍රතිකාර

පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා සඳහා වන පරීක්ෂණ අන්තරාදායක වන අතර මේ වන විට අලුත් තාක්ෂණය හදුන්වා දෙමින් තිබෙනවා.

ආක්‍රමණශීලී හා අඩු බරපතල පිළිකා අතර වෙනස හඳුනා ගැනීමට වෛද්‍යවරු වෙහෙසෙනවා.

වයස අවුරුදු 50 ට වැඩි පිරිමින් ‘පීඑස්ඒ’ රුධිර පරීක්ෂණයකට ලක් කිරීම මගින් අවදානම පිළිබද පැහැදිලි, නිරවුල් අදහසක් ලබාගත හැකියි.

පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවට හේතුව කුමක්දැයි විද්‍යාඥයින් මේ වන තෙක් නිශ්චිතව හදුනා ගෙන නැහැ. නමුත් වයස, තරබාරුකම සහ ව්‍යායාම නොමැතිකම ඊට ප්‍රධාන හේතුව බව විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, පර්යේෂණය මගින් පිරිමියෙකුගේ BMI හෝ සම්පූර්ණ මේද ප්‍රතිශතය සහ පුරස්ථි පිළිකා අතර පැහැදිලි සම්බන්ධයක් සොයාගෙන නැහැ. මෙයින් අදහස් කරන්නේ තරබාරු හෝ බරින් වැඩි මිනිසෙකු පවා එම මේදය වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කකුල්වල සහ අත් වල ගබඩා කර ඇත්නම් එම අවදානම වැඩි නොවන බවයි. 

එයින් ඇඟවෙන්නේ ඔවුන්ගේ මේදය වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ඉණ වටා ගබඩා කරන අය රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් ඇති බවයි.  

මෙම අධ්‍යයනයට නායකත්වය දුන් ඔක්ස්ෆර්ඩ් හි පෝෂණ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය අරෝරා පෙරෙස්-කෝර්නගෝ මෙසේ පැවසුවා.

‘බඩ සහ ඉණ වටා ශරීර මේදය සාන්ද්‍රණය වීම සහ පුරස්ථි පිළිකා මිය යාමේ අවදානම අතර සැලකිය යුතු සම්බන්ධයක් අපට හමු වුණා. නමුත් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා මරණ අවදානම සහ සම්පූර්ණ ශරීර මේදය අතර පැහැදිලි සම්බන්ධයක් අපට හදුනාගත නොහැකි වුණා.

කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් සනාථ කිරීම සඳහා තව දුරටත් පර්යේෂණ පැවැත්වීම සිදුවිය යුතුව තිබෙනවා.

ඉහළ BMI මගින් වෙනත් පිළිකා ඇතුළු වෙනත් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. එබැවින් ශරීරයේ අතිරික්ත මේදය ඇති ඕනෑම තැනක ඇති වන බලපෑම පිළිබඳව ජනතාව සලකා බැලිය යුතුයි.

උදරයේ ගබඩා කර ඇති ‘දුස්ස්රාවී මේදය’ වඩාත් භයානක වර්ගය බව පෙර අධ්‍යයන් මගින් පෙන්වා දී ඇත.

අතිරික්ත දෘශ්‍ය මේදය පිළිකා සෛලවල වර්ධනය උත්තේජනය කරන ෆයිබ්‍රොබ්ලාස්ට් වර්ධන සාධකය -2 (FGF2) නම් ප්‍රෝටීනයක සංඛ්‍යාව වැඩි කරන බව පෙනේ. නමුත් දෘශ්‍ය මේදය පිළිබඳ පර්යේෂණ තවමත් එහි මුල් අවධියේ පවතී.  

වෛද්‍ය පෙරෙස්-කෝර්නගෝ පැවසුවේ මෙය වඩාත් භයානක මේදය බැවින් මෙම මේදය අත්‍යවශ්‍ය අවයව වටා පිහිටා ඇති බවයි.

“එය පරිවෘත්තීය හා හෝමෝන ක්‍රියාකාරිත්වය සමඟ සම්බන්ධ වී ඇති අතර පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වර්ධනය සඳහා මෙය දායක වේ.”

පිරිමින්ට දෙන පණිවුඩය සෞඛ්‍ය සම්පන්න බරක් සහ ඉණ වට ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම බව ඇය පැවසුවාය.

පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා එක්සත් රාජධානියේ බහුලව දක්නට ලැබෙන රෝගයක්. එංගලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සයේ 2018 වර්ෂයේදී පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වැළදුණ පිරිමින් 57,192 දෙදෙනකු හදුනා ගත් අතර එම අගය 2017 දී 48,690ක් වුණා. 1998දී එම අගය වාර්තා වුණේ 24,000ක් ලෙසයි.

එහි අර්ථය වන්නේ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හඳුනා ගැනීම පසුගිය අවුරුදු 20 තුළ දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර එය දැන් වඩාත්ම සුලභ වූ පියයුරු පිළිකා අභිබවා ද ගොස් ඇති බවයි.

මීට හේතු වශයෙන් පර්යේෂකයින් සදහන් කරන්නේ පරීක්ෂාවට ලක්වන පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යාම මෙන්ම වයස්ගත වන ජනගහනය වැඩිවීමයි.

Daily mail හි 2020 සැප්තැම්බර් 02 වැනිදා පළ වූ වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts