ආරක්ෂක ලේකම් යාපනයේ සිදුවන සංවර්ධනය ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක

Spread the love

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ වත්මන් සංවර්ධන ව්‍යාපෘති සිදුවන ප්‍රදේශයන්හි දෙදින සංචාරයක නිරත වී ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ හිතමිතුරන්ගේ පුද්ගලික ප්‍රදානයන් මඟින් මිලියන 25ක් වැය කරමින් ඉදිකෙරෙන යාපනය තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ තුන්මහල් ගොඩනැඟිල්ල පළමුවෙන් පරීක්ෂාවට ලක්කෙරිණි.

කීරමලේ යළි පදිංචි කරන ලද ධීවර ජනතාව ද හමු වී ඔවුන්ට පහසුකම් සලසන ලෙස නාවික හමුදාවට උපදෙස් දී තිබේ. එමෙන් ම ඉන්දියානු මුහුදු සීමාවන් උල්ලංඝනය නොකරන ලෙස ධීවරයින්ට ද උපදෙස් දෙන ලදී.

නගුලේෂ්වරම් හින්දු කෝවිලට දකුණේ සිට පැමිණ සිටි බැතිමතුන් සමඟ ද සුහද පිළිසඳරක යෙදෙන්නට රාජපක්ෂ මහතා සුළුවේලාවක් එහි නතරවිණි.

කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අක්කර 90කින් යුතු ගොවිපොළට ද ලේකම්වරයා පැමිණියේ ය. එහි කෘෂි ඵලදාව යාපනය අර්ධද්වීපයේ සෙබළුන්ගේ ආහාර සඳහා ප්‍රයෝජනයට ගන්නා අතර බාහිර වෙළෙඳපොළට ද නිකුත් කෙරේ.

RSL

Related Posts