ආචාර්ය ජයන්ත ධනාපාල ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි

Spread the love

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

සෞඛ්‍ය හේතුන් මත ධනපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත්  කරු ජයසුරිය වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ එක් අයකු ලෙස පත්කරනු ලැබ සිටියේ ය.

RSL

Related Posts