අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

Spread the love

රාගම වෛද්‍ය පීඨයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිය පුත්‍රයා අත්අඩංගුවට ගැනීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේ ගැටුමට තමන් සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඉල්ලා අස්වන බවයි.  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතුරු තමන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර වරෙන්තු නිකුත් කර සිටි කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යත්නයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ.

Related Posts