අර්බුදය නොවිසඳුනහොත් රනිල්ගෙන් දැඩි තීන්දුවක්

Spread the love

නායකත්ව අර්බුදය ව්‍යවස්‌ථානුකූලව විසදා ගැනීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ අනෙකුත් ක්‍රියාකාරීන් මාර්ගයෙන් තමා ගත් සියලු උත්සාහයන් මේ වන විට බිඳවැටී තිබෙන තත්ත්වය මත පක්‍ෂය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන්ලබන සතියේදී පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුකූලව  දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ විනය පවත්වාගෙන යාම සදහා දැඩි තීන්දු ගන්නා ලෙස  එ.ජා.ප. ක්‍රියාකාරීන් රැසක්‌ රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර තිබේ.

ඒ අනුව පක්‍ෂය සහ පාක්‍ෂිකයන් ආරක්‍ෂාකර ගැනීම සඳහා අකමැත්තෙන් වුවද මෙම අසීරු තීන්දු තීරණ ගැනීමට සිදුවන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුට   ප්‍රකාශ කර ඇත.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක  රැස්‌වීමක්‌ මෙම 17 වැනිදා කැඳවා ඇත.

RSL

Related Posts