අර්ථ සාධක අරමුදල අනතුරක

Spread the love

සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 100කට අධික පාඩුවක් සිදුව ඇතැයි, අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙනු ලබන්නේ, කොටස් වෙළඳපොළේ ව්‍යාජ ලෙස මිල ඉහළ ගිය කොටස් මිලදී ගැනීම තුළ මෙම පාඩුව සිදුව ඇති බවයි.

එහි සභාපති වසන්ත සමරසිංහ ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.

“මෙයට මාස කිහිපයකට කලින් සේවක අර්ථසාධක අරමුදල පාවිච්චි කරලා සිලෝන් ග්‍රේන් එලිවේටඩ් සමාගමේ කොටස් වලින් මිලියන 5ක් ගත්තා. මේ කොටස් මාස 2කට කලින් තිබුණේ රුපියල් 75ට 75 සිට 247 දක්වා මාස 2ක් ඇතුළත කොටසක් ගෙනාවා. 236න් කොටස් මිලියන 5ක් ගත්තා සේවක අර්ථ සාධක අරමුදල 236ට ගත්තා කොටසක් අද විකිනෙන්නේ, රුපියල් 98ට 100යට. මිලියන 1200ක කොටස් අද විකුණන්න පුළුවන් රුපියල් 500ට අද වෙන කොට මිලියන 700ක් මහ බැංකු අධිපතිවරයාගේ මුලිකත්වයෙන් මෙහෙයවන මේ ආයෝජන කමුටුවේ ඉන්නේ, ආයෝජන කමිටු‍වේ ඉන්නේ ආයෝජන ආදායම් පිළිබඳ මේලෝ හසරක් දන්නැති මිනිස්සු ද ? “

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අන්තර් සමාගම් සේවක සංගමය ඉල්ලා සිටී.

RSL

Related Posts