අයවැයට එරෙහිව ජාතික විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කරයි

Spread the love

2023 අයවැයට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණය විසින් එළඹෙන දෙසැම්බර් 5 සහ 6 දෙදින ජාතික විරෝධතා දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එසේම වෘත්තීය සමිති හා බහු ජන සංවිධාන එකමුතුව විසින්ද විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එළඹෙන දෙසැම්බර් 8 වනදා රට පුරා අයවැයට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

ඒ අනුව වෘත්තීය සමිති සඳහන් කරන්නේ, එම දිනයන් වලදී රට පුරා විරෝධතා සංවිධානය කර අයවැය පරාජය කිරීමට බල කරන බවයි.

Related Posts