අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් උතුරේ ප්‍රශ්න කෙරෙහි දැඩි අවධානය

Spread the love

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඊයේ (13 සැප්.) උතුරේ සංචාරයක නිරත විය.

යාපනයට පැමිණි රොබට් බ්ලේක් යාපනය අතිරේක දිස්ත්‍රික් ලෙක්ම් රූබිනී වර්ධලිංගම් මහත්මිය ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට සහභාගි වුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

උතුරේ නැවත පදිංචි කිරිමේ කටයුතු අවසන් කිරිම ප්‍රමාද වී ඇත්තේ කුමක් නිසාදැයි රොබට් ‍බ්ලේක් විමසු බව යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.

ඇය සදහන් කළේ බිම්බෝම්බ ඉවත් කිරිම සම්පූර්ණයෙන් අවසන්ව නොමැති නිසා ඇතැම් ප්‍රදේශ නැවත පදිංචිය සදහා නිදහස් කර නොමැති යැයි තමා ඔහුට පැහැදිලි කළ බවය.

යාපනය ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඔවුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සහ ස්වයං රැකියා ණයදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද රොබට් බ්ලේක් විමසා තිබේ.

යාපනයේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සදහා සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු අවධානය යොමු කළේය.

අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවේ ඒ සඳහා රජයේ නිලධාරීන්ගෙන් සැඳුමලත් කමිටු පත්කර ඇති අතර ඒවාට පැමිණිලි ලැබෙමින් ඇති බවයි.

RSL

Related Posts