අද නව ආසාදිතයින් 635ක් – මුළු ආසාදිතයින් ගණන 15,000 පනී

Spread the love

අද (11) දින පස්වරු 22.11 වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 635ක් වාර්තා වූ බවත් මේ සමග තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 15,350ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන ආකාරයට මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5121ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 523කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (11) පස්වරු 21.55 වනවිට තවත් ආසාදිතයන් 316 දෙනෙකු එක් වූ බවත් එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 625 ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයින් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,542 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමඟ එම අගය 11,858 ක් විය.‍

RSL

Related Posts