අද දින කොවිඩ් -19 ආසාදිත මරණ 05ක්

Spread the love

අද (05) දින තවත් කොවිඩ්-19 මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ ගණන 29ක් බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

අද (05) කොවිඩ්ම -19 රණ ලෙස වාර්තා වූ පුද්ගලයින් 05 දෙනාගේ තොරතුරු දැක්වේ.

01. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මිය ගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් ද පෙළී ඇත.

02. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (04) දින මියගොස් ඇත.

03. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි.

04. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහලු ආසාදනයකි.

05. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

RSL

Related Posts