අට දෙනෙක් වරද පිළිගනී..හිරුණිකා නොපිළිගනී – ඩිෆෙන්ඩර් නඩුවේ අද වෙච්චදේ මෙන්න

Spread the love

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු අද (06) ප්‍රකාශ කළා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

කෙසේවෙතත් මන්ත්‍රීවරිය අද දිනයේ වරද පිළිනොගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධිය වාර්තා වුණේ 2015 වසරේ දෙසැම්බර් මස 21වන දිනයි.

පුද්ගලයෙකු පැහැර ගැනීම, පැහැර ගැනීමට අනුබල දීම, නීති විරෝධි ජන රාශියක සාමාජිකයන් වීම ඇතුළු අධි චෝදනා 7ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.

වරද පිළිගත් විත්තිකරුවන් 8 දෙනා සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම සඳහා අදාළ නඩුව නොවැම්බර් මස 27වනදාට අද කල් තැබුණා.

Related Posts