අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍යවරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි.
ශ්රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍ය ද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් අප පසුගිය 22 වැනිදා කළා. අපි අද ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය, අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ ගෙවී ගිය අඳුරු යුගය, අනෙකුත් ක්ෂේත‍්‍ර පෞද්ගලීකරණයට ලක් වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු ද? සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ ඉන්දියානු ආදර්ශය – පිළිබදව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. තරමක් දීර්ඝ මෙම ලිපිය මගින් ඔබට මේ සංකීර්ණ තත්ත්වය පහසුවෙන් වටහා ගැනීමට අවස්ථාව ලබා ගත හැකියි.
මුලින්ම අපි දැනට ලංකාවේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ තත්ත්වය විමසා බැලිය යුතුයි.
- දැනට රජයේ වෛද්‍ය පීඨවල සිටින වෛද්‍ය ශිෂ්‍යයන් ගණන සංඛ්‍යාව -7000
- දැනට රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව (internship ලබන වෛද්‍ය උපාධිධාරීන් ගේ සංඛ්‍යාව – 2000
- රජයේ වෛද්‍ය පීඨවල උපාධිය සම්පූර්ණ කළ සීමාවාසික පුහුණුව සබඑැරබියසච බලාපොරොත්තුවන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව – 1500
- මේ අනුව ඉදිරි වසර පහ තුළ සෞඛ්‍ය ක්ෂේ්ත‍්‍රයට එකතු වන වෛද්‍ය උපාධිධාරීන්් සංඛ්‍යාව – 10500
- 2019 සැප්තැම්බර් මස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව රජයේ රෝහල්වල ඇති වෛද්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව – 1700
- විදේශ රටවල්වල වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 2017 ලේඛන සංඛ්‍යා ලේඛන අනුව) – 3000
- 2019 වෙන විට එම සංඛ්‍යාව (5000) දක්වා වැඩි වී ඇතැයි ගණන් බලා ඇත.
- ERPM (ACT 16) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුව සිටින විදේශ රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණි වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍ය– 1000
- වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛන අනුව (2019) දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය (eligibility certificate) ලබාගෙන විදේශගත වී ඇති ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව – 800
වසරෙන් වසර ඉතා විශාල සංඛ්‍යාවක් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා විදේශ ගත වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේ ලේඛන අනුව පෙනී යයි. තව වසර කිහිපයකින් රජයේ වෛද්‍ය පීඨ වලින් වෛද්‍ය උපාධි ලබා පිට වන වෛද්‍යවරුන්ටත් රජයේ රෝහල්වල පත්වීම් නොලැබෙන තත්ත්වයක් ඇතිවනු ඇත
අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ ගෙවී ගිය අඳුරු යුගය
පසුගිය වසර කීහිපය තරම් ශ‍්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය බරපතළ ලෙස කඩා වැටුණු කාල පරිචපරිච්ෙඡ්දයක් ඉතිහාසයේ නොවූ විරූ තරම් ය. ඒ සමස්ත ප‍්‍රතිඵලය රටේ සමස්ත ජනතාවට ම දැන් ඉතා අවාසනාවන්ත ලෙස භුක්ති විදිමින් පසුවන බව පහත තොරතුරුවලින් හෙළිදරව් වේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri lanka medical council) බරපතළ දේශපාලන බලපෑම් වලට ලක් වීම නිසා ස්වාධීන ලෙස ක‍්‍රියා කිරීමට ඇති අවස්ථාව අහිමි විය. මේ හේතුව නිසාම වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප‍්‍රමිතීන් මේ වන තුරුත් නීතීතිගත කිරීමට නොහැකිවී තිබේ.
එහි ප්රතිඵලයක් ලෙස අ.පො.ස උසස් පෙළ විෂයන් තුනම අසමත් වූ (F3) අයටත් එමෙන්ම අපොස උසස් පෙළ වූ විභාගයට පෙනී නො නොසිටී සාමාන්‍ය පෙළ පමණක් සමත් වූ අයටත් වෛද්‍යවරු වීමට අවස්ථාව උදා වීම සහ මේ වන විට ඔවුන් අය සීමාවාසික පුහුණුව සඳහා සාමාන්‍ය රජයේ රෝහල්වලට අනියුක්ත කර තිබීම ඉතාමත් කණගාටු කණගානගාටුදායක තත්ත්වයකි.
එමෙන්ම අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍ය වෛද්‍ය වරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි.
ලංකා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරය කිසිවක් දේශපාලන බලපෑම් නිසා නීතිගත කර ගැනීමේට නොහැකිවීම යුගයේ සිදු වූ බරපතල සිදුවීමකි. මෙම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රථම වරට මාස ගණනණනාවක් අධිකරණය වෙත කැඳවීම ද අධිකරණය ඉදිරියේ හෑල්ලූවට ලක් කිරීම ද මෙම යුගයේ සිදුවිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ස්වාධීන තීරණ ගැනීමට ගැනීමේ අයිතියි අහිමි විය. එහි ප්රතිඵලයක් ලෙස ප‍්‍රතිඵලයක් ලෙස විෂයන් තුනම අසමත් වූ අය පවා වෛද්‍යවරු ලෙස ලියා පදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණ නියෝගය ලැබුණි.
වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විදේශ විශ්වවිද්‍යාල වලට යැවීම ජාවාරමක් බවට පත්විය. වෛද්‍ය උපාධිය ලබා පැමිණෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පවා වෛද්‍ය සේවය පසෙක තබා මෙම ජාවාරමේ තැරැව්කරුවන් බවට පත්විය.
එමෙන්ම බංගලිදේශය, පකිස්තානය වැනි දකුණු ආසියාතික රටවල තානාපති කාර්යාල හරහා ජාතිවාදී හා වර්ගවාදී පදනමින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දී තම ශිෂ්‍යයන් යැවීම ඉතා රහසිගතව පසුගිය වසර කීපය තුළ සිදුවීම පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.
එසේ බෙහෝ ශිෂ්‍යයන්ගේ උසස්පෙළ විභාග ප‍්‍රතිඵල ඉතා අඩු මට්ටමේ පවතින අතර ඇතැම් ශිෂ්‍යයන් London A/Level& (Edexel) වැනි විභාග වලට පෙනී සිට එයින් ද සාමාන්‍ය ප‍්‍රතිඵල ලබාගත් අය බවට ද හෙලිවී තිබේ.
එංගලන්තය වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා වරම් ලබන්නේ London A/L විභාගයෙන් සියලූම විෂයයන් සඳහා A ලැබූ ශිෂ්‍යයන් අතරින් ඉහළම ප‍්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන්ට පමණි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එම විභාගයෙන් C සහ S සාමාර්ථ ලැබූ ශිෂ්‍යයන්ට ද මුදල් මත විදේශ රටවලට ගොස් වෛද්‍යවරුන් වීමේ අවස්ථාව ලැබීමත්, උසස්පෙළ A සාමාර්ථ තුන පවා ලැබූ දක්ෂම ශිෂ්‍යයන්ට මුදල් නොමැතිකමින් එම අවස්ථාව නොලැබීම කනගාටුදායකය.
මේ තත්ත්වය නිසා අනාගතයේදී භයානක ප‍්‍රතිඵල අප රට ඇතිවීමට ඉඩකඩ ඇති අතර, ප‍්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් අඩු වූ වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවයට එකතුවීම නිසා රෝගී සත්කාර සේවය බිඳ වැටී රෝගී ජීවිත අවදානමට ලක්වීම බරපතළ කාරණයක් වී ඇත.
එමෙන්ම දේශපාලන බලපෑම් නිසා මෙතෙක් ස්ථාවරව ක‍්‍රියාත්මක වූ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය (Internship Appointments) කුසලතාවය මත (Merit list) වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය සහ වෛද්‍ය මාරුවීම් ක‍්‍රමවේදය (Transfer system) සම්පූර්ණයෙන් ම බිඳ වැටිණි.
වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මානව සම්පත් පිළිබඳව නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ඉදිරි අනාගතයේ දී රැකියා නොමැති උපාධිධාරී වෛද්‍යවරුන් බිහිවීමට ඇති ඉඩකඩ තවදුරටත් වැඩිවූ අතර ඒ පිළිබඳව වගකිවයුතු සියලූ ම පාර්ශවයන් එකතුවී ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීම අද යුගයේ අවශ්‍යතාවය වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ රෝහල්වල ඇති වෛද්‍යවරුන් සඳහා වූ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතින අතර, තව වසර කීපයකින් රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට පවා රජයේ රෝහල්වල රැකියා අහිමිවන තත්ත්වයක් උදාවනු ඇත.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නිසි සැලැස්මකින් තොරව මෙතෙක් ක‍්‍රියාත්මක වූ ක‍්‍රමවේදය වෙනුවට රජයේ වෛද්‍ය පීඨ පිළිබඳව හා විදේශීය රටවලට වෛද්‍ය උපාධි ලබාගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් යැවීම පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සකස්කිරීම නොපමාව කළයුතුය.
අනෙකුත් ක්ෂේත‍්‍ර පෞද්ගලීකරණයට ලක් වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු ද?
අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමේ දී ඇතිවන තරඟකාරීත්වයත් සමඟ එහි ගුණාත්මක භාවය රඳවා ගැනීම සිදු නොවන අතර, ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නිසා සිදු කරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.
සැබවින්ම වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාලා වලින් හාත්පසින් ම වෙනස් දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත සමග ය. එම නිසා, එහි ගුණාත්මක භාවය රඳා පැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක් සහ ඉහළ කුසලතාවයක් අවශ්‍ය වේ.
එබැවින් වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක‍්‍රියාදාමයක් වන අතර, එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදු වන්නේ රජයේ රෝහල්වල වාට්ටු තුළ දී ය. එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ සත්කාර (Preventive health care) මුළුමනින් ම පාහේ සිදු වන්නේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන හරහා පමණි.
පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට හෝ පෞද්ගලික ආයතනයකට එසේ ඉහළ මට්ටමක ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසු ය.
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේ දී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මක භාවය යන දෙකම එකවර පවත්වා ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යන විට අනෙක පහත් තත්වයකට ඇදවැටීම නිතැතින් ම සිදු වන දෙයකි.
ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ටි‍්‍රයාව, ෆින්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.
රටක සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම
ඉහත රටවල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පුද්ගලික ඒවා නොවන අතර භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාබ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක‍්‍රියාත්මක වේ.
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුල පුද්ගලික වෛද්‍ය විද්‍යල විශාල ප‍්‍රමාණයක් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අත්කර ගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. පෞද්ගලීකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අත් වී ඇති ඉරණම ඔබට පැහැදිලි වනු ඇත.
කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අංශය විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරන එකම රට ඉන්දියාවයි. වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි.” – ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රාඕ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ ඉන්දියානු ආදර්ශය
1950 දී ඉන්දියාව තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස අවසර දෙන ලදී. එමෙන්ම 1991දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග තවදුරටත් හඳුන්වා දුන් සංශෝධන මගින් මෙය ප‍්‍රවර්ධනය කරන ලදී.
වසර 70කට පසු ප‍්‍රතිඵලය පහත තොරතුරු වලින් හෙළි වේ.
‘‘කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අංශය විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරන එකම රට ඉන්දියාවයි. වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි.” – ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රා ඕ
ඉන්දියාව තුල රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල පවතින වෛද්‍ය විද්‍යාල ගණන 570කි.එහෙත් තවමත් ජන අනුපාතය අනුව වෛද්‍යවරුන් සංඛ්‍යාව 1:1700කි.
වසරකට වෛද්‍ය උපාධිධාරීන් 50 000කට අධික සංඛ්‍යාවක් බිහි වූවත් සෞඛ්‍ය දර්ශක අතින් තවමත් ඉතා පහල තත්ත්වයක පවතියි. ඉන්දියාවේ වෛද්‍යවරුන් 45%ක්ම තවමත් වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම සඳහා නිසි පුහුණුවක් නොමැති බව සමීක්ෂණ වලින් හෙලි වී තිබේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හිමිකරුවන් මුදල් බලයෙන් ඉන්දීය වෛද්‍ය සභාව (ඵක්) නතු කර ගන්නා බවද 2010දී ඉන්දියානු වෛද්‍ය සභාවේ සභාපති වරයා විශාල වශයෙන් අල්ලස් ලබා ගෙන ඇති බවද අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත. එමෙන්ම තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ ඉන්දීය වෛද්‍ය සභාව විසින් නුසුදුසු යැයි ප‍්‍රතික්ෂේප කරන ආයතන පවා යලි සලකා බලන ලෙස නියෝග කර අධිකරණය පද්ධතියද ඉන්දීය වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය බාල කිරීම සඳහා ක‍්‍රියා කරන බවයි.
තම රටේ රැකියා අවස්ථා නොමැති නිසා විදේශ වලට ඉන්දීය වෛද්‍යවරුන් සංක‍්‍රමණය වන අතර පසුගිය වසර කිහිපය තුළ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අසමත්භාවය හා වෘත්තීය අවභාවිතය (Medical Negligence) නිසා එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් බිහි වී ඇත්තේ ඉන්දියාවෙනි.
ඉන්දීය ප‍්‍රාන්ත රජයක් විසින් පසුගියදා වෛද්‍ය උපාධි ලබා දීමට නුසුදුසු යැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 34ක් තහනම් කලේ මෙම වෛද්‍ය විද්‍යාල පිලිගත යුතු යැයි ඉන්දීය අධිකරණය පවා තීරණය කර තිබියදීය.
අධිකරණ නියෝග පවා නොසලකා ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය හා වෛද්‍ය අධ්‍යාපනයහ ප‍්‍රමිතිය ගැන ඉන්දීය රජය සෘජු තීරන ගත් අවස්ථා ඇති බව මෙයින් පැහැදිලි වේ.
රැකියා විරහිත ඉන්දීය වෛද්‍ය උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම් වලට නොගැලපෙන වෙළඳ ව්‍යාපාර, රැකියා හා නීතිවිරෝධී ජාවාරම් වල යෙදී තම ජීවිතය ගැටගසා ගන්නා බවට වාර්තා පල වී ඇත.
උග‍්‍ර ආචාර්ය හිඟයක් මෙම වෛද්‍ය විද්‍යාල වල පවතින නිසා කූඨ ව්‍යාපාරිකයෝ තම උපාධි ආයතන වල ආචාර්ය, මහාචාර්ය ලෙස කිසිදා එම ආයතන වලට පය තබා නොමැති ආචාර්ය, මහාචාර්යවරුන්ගේ නම් මිලදී ගෙන තම ආයතනයේ ප‍්‍රචාරයට යොදා ගනියි.
බොහෝ පෞද්ගලික වෛද්‍ය පීඨ වලින් නිසි පූර්ව සායනික හෝ සායනික පුහුණුවක් නොලැබේ.
ඉන්දියානු වෛද්‍ය සභාවහි නිර්දේශ වලට අනුව සෑම වෛද්‍ය පීඨයකටම අනුබද්ධිතව ඇඳන් 300ක් සහත ශික්ෂණ රෝහලක් පැවතිය යුතු වුවද පවතින රෝහල්ද වියදම් දරා ගැනීමට හා පවත්වා ගැනීමට නොහැකිව හිස්ව පවතියි. එම නිසා හදිසි රෝග තත්තව (Emergency management) සඳහා පවා මුහුණ දිය නොහැකි වෛද්‍යවරුන් පිරිසක් බිහි වෙමින් පවතියි.
ඉන්දීය රජය විසින් මෙම ආයතන නිරීක්ෂණය කරන අවස්ථා වලදී එහි රෝගීන් ලෙස පෙනී සිටින්නේ මුදල් ගෙවා ලබා ගත් දුප්පතුන් ය.
සෑම වෛද්‍ය පීඨ හයකින් එකක් ම 6:1 විභාග වංචා කිරීම පිලිබඳව අධිකරණය ඉදිරියේ චෝදනා ලබා ඇත. පාඨමාලා ගාස්තු වලට අමතරව මුදල් පරිත්‍යාග ලබා ගෙන සිසුන් ඇතුලත් කර ගැනීම පිලිබඳවද බොහෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල චෝදනා ලබා ඇත.
මීට දශක ගණනාවකට පෙර මුදල් මත පදනම් වූ වෛද්‍ය විද්‍යාල හඳුන්වා දීම නිසා ඉන්දියාවට ආපසු හැරවිය නොහැකි ප‍්‍රතිවිපාක වලට අද මුහුණ දීමට සිදුවීම පිලිබඳව එරට කණගාටු වන බව මේ තොරතුරු වලින් හෙලි වේ.
වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය
සංස්කාරක සටහන
මෙම ලිපිය සංවාදයට විවෘත අතර වෙනත් මතවාද සදහා ද මේ හා සමාන ඉඩක් හා ප්‍රමුඛතාවක් ලබා දීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය වේ. ඔබට මේ සදහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් කරුණාකර ප්‍රධාන සංස්කාරකවරයාට අමතන්න – 076 610 9836 හෝ gajabanagaha1975@gmail.com යොමු කරන්න (කරුණාකර ලිපි යොමු කරන්නේ නම් එම ලිපි ‘Unicode‘ මගින් යොමු කළ යුතු අතර එය soft copy පමණක් විය යුතුය.