‘ධනවත් නම් උස ළමයි දුප්පත් නම් කොට ළමයි’ – ගෝලීය පරීක්ෂණයක් කියයි

Spread the love

අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි

‘ළමුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම‘ ලංකාවේත් ප්‍රබල ගැටලුවක්. නිසි පෝෂණය නොලැබෙන ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වීම පමණක් නොව නිසි පරිදි නොවැඩෛන බව ද පොදු පිළිගැනීමක්.

ඒත් දිනෙන් දින පිරිහෙන ආර්ථික තත්ත්වය හමුවේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට නිසි පෝෂණයක් ලබාදීම තවත් සංකීර්ණ වන අභියෝගයක් බවට පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන් කොවිඩ්-19 වැනි වසංගත හමුවේ අතිෂය පීඩාවට පත්වන දිළිදු ජනතාවට ළමයින්ට ‘නිසි‘ පෝෂණයක් ලබාදීම බරපතළ අභියෝගයක්.

මේ අතර ළමා පෝෂණය සහ ඔවුන්ගේ වර්ධනය අතර පර්යේෂණයක ප්‍රතිඵල පිළිබද විශ්ලේෂණාත්මක වාර්තාවක් පසුගිය (06) වැනි දා බී.බී.සීයේ පළ වුණා. ලංකාවේ දෙමාපියන්ගේ පමණක් නොව ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ද අවධනය යොමු විය යුතු මෙම ලිපිය පහත පළ වෙනවා.

පාසැල් වයසේ ළමුන්ට නිසි පෝෂණයක් නොලැබීම (දුර්වල ආහාර ගැනීම – Poor diets) උසම හා කෙටිම ජාතීන් අතර සාමාන්‍ය උස සෙන්ටිමීටර 20 (අඟල් 7.9) සඳහා දායක විය හැකි බව විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

2019 දී උසම (19 හැවිරිදි) පිරිමි ළමයින් නෙදර්ලන්තයේ (සෙන්ටිමීටර් 183.8 හෝ අඩි 6) ජීවත් වූ අතර එම වයසේම පසුවන උසින් අඩුම පිරිමි ළමුන් ජීවත් වූයේ නැගෙනහිර ටිමෝර් (මෙරට ටිමෝර් ලෙස්ටේ ලෙස ද හැදින්වේ -Timor Leste) හි (160.1cm) බවයි අදාළ විශ්ලේෂණය මගින් හෙළි වන්නේ.

මේ අතර එක්සත් රාජධානියේ ගෝලීය උස ශ්‍රේණිගත කිරීම 39 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර 1985 දී එරට 28 වැනි ස්ථානයේ පසු වුණා.

රටවල් කිහිපයක 2019දී වසය අවුරුදු 19ක් වන පිරිමි ළමුන්ගේ උස ශ්‍රේණිගත කර ඇති ආකාරය.

පිරිමි ළමයින්ගේ උස සංසන්දනය කරන ආකාරය

ඉහත වගු සටහනේ දැක්වෙන්නේ 2019 වසරේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාවේ වයස අවුරුදු 19ක් වන යෞවනයින්ගේ උස මට්ටම පිළිබද ගෝලීය විශ්ලේෂණයයි. එහි 39 සහ 47 වැනි ස්ථානවල එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය පසුවන අතර අප අසල්වැසි ඉන්දියාව පසුවන්නේ 180 වැනි ස්ථනයේයි. සාමාන්‍යෙයන් ‘මිටි‘ ජාතියක් වශයෙන් සැලකෙන චීනය ද ගෝලීය වශයෙන් තරගයක් දෙමින් 65 වැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයක් වන අතර ඇමෙරිකානු තරුණයින් (19 වියේ පසුවන) සහ එම වයසේම පසුවන චීන තරුණයින් අතර උසේ වෙනස වන්නේ සෙන්ටිමීටර් 0.8ක් වැනි අල්පයක් වීම ද වැදගත් කරුණක්.

පර්යේෂකයන් පවසන්නේ ලොව පුරා සහ කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගේ උස හා බරෙහි වෙනස්වීම් සොයා ගැනීම වැදගත් වන්නේ ඔවුන්ට (තරුණයින්ට) ලබා ගත හැකි පෝෂණයේ ගුණාත්මකභාවය පිළිබිඹු කළ හැකි නිසාත්, යෞවනයන් සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට එය වැදගත් වන නිසාත් බවයි.

1985 සිට 2019 දක්වා කාලය තුළ අධ්‍යයන 2000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර අවුරුදු 5 ත් 19 ත් අතර ළමුන් හා නව යොවුන් වියේ පසුවන දරුවන් මිලියන 65 කට වැඩි සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

2019 දී සාමාන්‍යයෙන් වයඹ සහ මධ්‍යම යුරෝපයේ ළමුන් සහ තරුණයින් (උදා: නෙදර්ලන්තයේ සහ මොන්ටිනිග්‍රෝවේ) ලෝකයේ උසම අය බව අදාළ පර්යේෂණය මගින් සොයා ගෙන තිබෙනවා.

මේ අතර, සාමාන්‍යයෙන් උසින් අඩුව තරුණ – තරුණියන් (19 වැනි වියේ පසුවන) දකුණු හා ගිනිකොනදිග ආසියාව, ලතින් ඇමරිකාව සහ නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වූ බවයි සමීක්ෂකයින් පවසන්නේ.

උසම සහ මිටිම තරුණයින් සහ තරුණියන් – 2019 (19 වැනි වියේ පසුවන)

රට අනුව උසම හා කෙටිම දරුවන්

ඉහත විශ්ලේෂණයෙන් ඇඟවෙන්නේ 2019 දී:

  • සාමාන්‍යයෙන් ලාඕසයේ 19 හැවිරිදි පිරිමි ළමයින් නෙදර්ලන්තයේ 13 හැවිරිදි පිරිමි ළමයින්ගේ උසට සමාන විය. (සෙන්ටිමීටර 162.8)
  • වයස අවුරුදු 19 දී ග්වාතමාලාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ ටිමෝර් ලෙස්ටේහි ගැහැනු ළමයින් 11 හැවිරිදි නෙදර්ලන්ත ගැහැණු ළමයින්ගේ සාමාන්‍ය උසට (සෙන්ටිමීටර 152 ක් හෝ අඩි 5 ක් පමණ) සමාන විය.
  • එක්සත් රාජධානියේ, 19 හැවිරිදි පිරිමි ළමයින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 178ක් සහ ගැහැණු ළමයින් උස 163.9cmක් විය.
  • පසුගිය අවුරුදු 35 තුළ ළමුන්ගේ සාමාන්‍ය උසෙහි විශාලතම දියුණුව චීනයේ සහ දකුණු කොරියාවේ දක්නට ලැබුණි.
  • නමුත් උප සහරා අප්‍රිකාවේ බොහෝ රටවල සාමාන්‍ය උස 1985 සිට වෙනස් නොවී හෝ අඩු වී ඇත.

සෞඛ්‍ය සම්පන්න බර වැඩිවීම

මෙම අධ්‍යයනයෙන් ළමයින්ගේ BMI පිළිබඳව ද අවධානය යොමු කරන ලද අතර එය පුද්ගලයෙකුගේ උස සඳහා නිරෝගී බරක් දැයි දැක්වීමට උපකාරී වේ.

ඉහළම (largest) BMI අගයක් සහිත වැඩිහිටි යෞවනයන්  (older teenagers) පැසිෆික් දූපත්, මැදපෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තයේ ජීවත් වූ බව පර්යේෂකයෝ සොයා ගත්හ.

මේ අතර අඩුම ( lowest)  BMI අගයක් සහිත 19 හැවිරිදි ළමයින් ජීවත් වූයේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල ය.

අධ්‍යයනයේ අඩුම හා ඉහළම BMI සහිත රටවල් අතර වෙනස කිලෝග්‍රෑම් 25කට සමාන බව පර්යේෂකයෝ පුළුල් ලෙස තක්සේරු කරති.

තරුණයින්ගේ සහ තරුණියන්ගේ BMI මට්ටම ගෝලීය වශයෙන් සැසදීම

රට අනුව පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් තුළ BMI මට්ටම

සමහර රටවල ළමුන් වයස අවුරුදු පහේදී නිරෝගී BMI මට්ටමකට ළඟා වූ නමුත් වයස අවුරුදු 19 වන විට ඔවුන් අධික බරට පත්වීමට ඉඩ තිබුණි.

එක් එක් දරුවන්ගේ උස හා බර සඳහා ජානමය තත්ත්වය (Genetics) වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂකයන් පිළිගන්නා අතර, ඔවුන් පවසන්නේ සමස්ත ජනගහනයේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, පෝෂණය සහ පරිසරය ප්‍රධාන වන බවයි.

ගෝලීය පෝෂණ ප්‍රතිපත්ති (Global nutrition policies) වයස අවුරුදු පහට අඩු අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ද එය ප්‍රමාණයත් නොවන බවට ඔවුහු තර්ක කරති. ඔවුන්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ වැඩිහිටි දරුවන්ගේ වර්ධන රටාවන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

19 වැනි වියේ පසුවන තරුණියන්ගේ උස සැසදීම

ගැහැණු ළමයින්ගේ උස සංසන්දනය කරන ආකාරය

ඉහත වගු සටහන මගින් ගෝලීය වශයෙන් 19 වැනි වියේ පසුවන තරුණියන්ගේ උස මට්ටම වටහා ගත හැකිය. එහිදී චීනය එක්සත් ජනපදය ද ඉක්මවා ඉදිරියට ගොස් ඇති අතර (චීනයේ පිරිමි ළමුන්ගේ උස මට්ටමමේදී පසුවූයේ 65 වැනි ස්ථානයේය) ඉන්දියාව තරුණියන් සම්බන්ධයෙන් තව දුරටත් පසුපසට ගොස් 182 වැනි ස්ථානයට පත්ව ඇත. (තරුණයින්ගේ උස සම්බන්ධයෙන් 180 වැනි ස්ථානය)

නොමිලේ පාසල් ආහාර

මෙම පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කරමින් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි වෛද්‍ය ඇන්ඩ්‍රියා රොඩ්‍රිගුස් මාටිනස් (Dr Andrea Rodriguez Martinez) පැවසුවේ ‘ළමා කාලයේ සහ නව යොවුන් වියේ නිරෝගී බර හා උස මිනිසුන්ගේ යහපැවැත්මට ජීවිත කාලය පුරාම ප්‍රතිලාභ ලබා දෙන බවයි‘

ඇය මෙසේ ද පැවසුවාය: “අපගේ සොයාගැනීම් මඟින් අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධාරණය කරන්නේ ළමුන්ට සහ නව යෞවනයින්ට ලබාගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරගත හැකි වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි. පෝෂ්‍යදායී ආහාරවල මිල අඩු කරන ප්‍රතිපත්තියක් වෙත යොමුවිය යුතු බවයි. මෙය දරුවන්ගේ උස සඳහා අධික බරක් ලබා නොගෙන උසින් වැඩීමට උපකාරී වෙනවා. මෙම මුලපිරීම් වලට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායී ආහාර සඳහා වවුචර් සහ නොමිලේ සෞඛ්‍ය සම්පන්න පාසල් ආහාර වේලක් ලබාදීම ඇතුළත් විය යුතුයි.

මේ අතර, ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ (London School of Hygiene and Tropical Medicine) මහාචාර්ය ඇලන් ඩන්ගෝර් පැවසුවේ මෙම පර්යේෂණය ‘අද්විතීය හා ප්‍රබල විශ්ලේෂණයක් බවයි‘

“පළමු වරට මෙම ගෝලීය විශ්ලේෂණය පාසල් වියේ පසුවන දරුවන්ගේ හා නව යොවුන් වියේ දරුවන්ගේ වර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ළමයින් වැඩිහිටිභාවයට පත්වීම සහතික කිරීම සඳහා ලොව පුරා ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හඳුනා ගෙන තිබෙනවා‘

2020 නොවැම්බර් 06 වැනි දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts