කොරෝනා මර්ධනයට පියවරක් ලෙස රාජ්‍ය අංශයට සදුදා නිවාඩු – පුද්ගලික අංශය කණස්සල්ලෙන්

Spread the love

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14) රාත්‍රියේදී ප‍්‍රකාශ කළා.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් හෙට (ඉරිදා) හෝ අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා සුදුසු පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට රාජ්‍ය ආයතන සූදානම් කිරීම සඳහා රජය මෙම නිවාඩුව දෙන බවත් එය නිවාඩුව විනෝද සවාරි යාමට භාවිතා නොකළ යුතු බවයි.

‘මේ අවස්ථාවේ සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පුද්ගලික අංශයේ ආයතන ප‍්‍රධානියෙක් සදහන් කළේ රජයේ සේවකයින්ට නිවාඩු ලබා දුන් ආකාරයට සඳුදා දිනයේ නිවාඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබීමට නම් ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කළ යුතු බවත් ඒ ඉල්ලීමට හාම්පුතුන් එකඟ විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලික අංශයේ සේවකයින් කිහිප දෙනකු අප සමග පවසා සිටියේ රජයේ පාසල් නිවාඩු දීම තුළ තමන් මේ වන විටත් දැඩි අපහසුතාවට පත්වන බවයි. රජ්‍ය ආයතන ද මේ ආකාරයෙන් නිවාඩු ලබා දුන් විට පොදු ප‍්‍රවාහන ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් අඩාල වන බවත් එනිසා පුද්ගලික අංශය ද නිවාඩු ලබාදීමට පියවර ගත යුතු බවත් ඔවුන් සදහන් කළා.

‘රාජ්‍ය ආයතන විතර ද කොරෝනාවලට එරෙහිව පියවර ගත යුත්තේ. පුද්ගලික ආයතනවල රාජ්‍ය ආයතනවලට වඩා විශාල පිරිසක් සේවය කරනවා. ගාමන්ට් එකක් ගන්න, ඒ වගේ තැනක දහස් ගාණක් ඉතා සමීපයේ වැඩ කරනවා. මේක බරපතළ තත්ත්වයක්’ ඇගළුම් කම්හල් සේවිකාවක් සදහන් කළා.

RSL

Related Posts