ඔලිම්පික් උළෙල කල් දමන ලෙස ඇමෙරිකානු පිහිනුම් ප්‍රධානියා දැඩිව ඉල්ලයි

Spread the love

ඇමරිකා එක්සත් ජනපද පිහිනුම් අංශයේ ප්‍රධානියාට අවශ්‍ය වන්නේ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ය. ඔහු ඒ බව එක්සත් ජනපද ඔලිම්පික් හා පැරාලිම්පික් කමිටුවට US Olympic & Paralympic Committee ලිපියක් මගින් “කළ යුතු නිවැරදි හා වගකිව යුතු දෙය” ලෙස නම් කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිනුම් ප්‍රධාන විධායක නිලධාරි CEO of USA Swimming ටිම් හින්චේ Tim Hinchey කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ “නිවැරදි හා වගකිවයුතු දෙය වන්නේ සෑම කෙනෙකුගේම සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය දීම සහ මෙම ගෝලීය වසංගතය මලල ක්‍රීඩා සූදානම සඳහා නිසි ලෙස හඳුනා ගැනීම” යනුවෙනි.

එක්සත් ජනපද ඔලිම්පික් හා පැරාලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී සාරා හර්ෂ්ලන්ඩ් Sarah Hirshland, the CEO of US Olympic & Paralympic Committee මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම සංවිධානය ක්‍රීඩා උළෙල සංවිධානය කරන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සම්බන්ධ වී ඇති බවයි. 

තීරණයක් ගැනීම සඳහා එක්සත් ජනපද සංවිධානය දිගටම ජාත්‍යන්තර පාලක මණ්ඩල මත විශ්වාසය තබන බව ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

“(අයිඕසී සහ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව The IOC and International Paralympic Committee ) විශ්වාස කරන්නේ ක්‍රීඩා දිනය පිළිබඳව අවසන් තීන්දුවක් ලබා ගැනීම නොමේරූ දෙයක් වන අතර තීරණයක් ගත යුතු යැයි අවධාරණය කිරීමට පෙර නිවැරදි දත්ත හා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු යැයි අපි විශ්වාස කරමු. “හර්ෂ්ලන්ඩ් පැවසීය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යයට මුල් තැන දීමේ වැදගත්කම හර්ෂ්ලන්ඩ් අවධාරණය කළාය.

නමුත් බොහෝ ඔලිම්පික් ක්‍රීඩකයින් නියෝජනය කරන නීතිඥ ජෝන් සී. මෑන්ලි ඊට එකඟ නොවේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු හර්ෂ්ලන්ඩ් සහ එක්සත් ජනපද කමිටුවේ තීරණය “මෙම දූෂිත සංවිධානය මුදල් හා පදක්කම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට වඩා ඉහළින් තබන බවට තවත් සාක්ෂි” යැයි පැවසීය.

“ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව අයිඕසී වෙත බාහිරින් ලබා ගැනීම යූඑස්ඕඕපීසී USOPC දැඩි වගකීම් විරහිත ය. ඒ වෙනුවට ඔවුන් ටෝකියෝවට තරඟ කිරීමට අපේ කණ්ඩායම යැවිය යුතුද යන්න තීරණය කිරීමේදී සීඩීසී සහ ධවල මන්දිරයේ උපදෙස් මත විශ්වාසය තැබිය යුතුය.”

ජපාන ඔලිම්පික් කමිටු මණ්ඩලයේ සාමාජික කෞරි යමගුචි   Kaori Yamaguchi ඔලිම්පික් උළෙල ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටි දිනකට පසුව එක්සත් ජනපද සංවිධාන අතර සාකච්ඡා පැවැත්වීය.

වෛරසය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට නොහැකි වී තිබේ. එක්සත් ජනපදයේ, ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් වසා දමා ඇත. ඔලිම්පික් උළෙල කල් දැමිය යුතුද යන්න තීරණය කරන අතර, එක්සත් ජනපදයේ සහ ලොව පුරා බොහෝ ක්‍රීඩා ලීග දැනටමත් ඒ හා සමාන පියවර ගෙන තිබේ.

මේ අතර ලෝකය පුරා ප්‍රධාන තරගාවලි අත්හිටුවා ඇති අතර පුහුණු සැසි සම්පූර්ණයෙන් නතර කර තිබේ.

සී.එන්.එන්. මාධ්‍ය වාර්තාවක් ඇසුරිණි

RSL

Related Posts