IMF ගිවිසුම සම්බන්ධයෙන් කතානායකගෙන් දැනුම්දීමක්

Spread the love

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර නොමැති බව කතානායකවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

ඒ අනුව එකඟතාවකට පැමිණ ඇතත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අනෙකුත් ණය දෙන රටවල් අනුමත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට දන්වා ඇති බවයි කතානායකවරයා සඳහන් කළේ.

ගිවිසුම අවසන් කිරීමට පෙර යම් යම් සංශෝධන සිදුකළ යුතු බව ජනාධිපතිවරයා තමාට දන්වා ඇති බවත් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසන් කෙටුම්පතකට එකඟ වූ පසු ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය හා විපක්ෂය දැනුවත් කරන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts