Covid-19 World Hot Review:එන්නතක් නිපදවීම ප්‍රමාද වුවහොත් විනාශකාරී දෙවන රැල්ලක්

Spread the love

අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි.

එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

එක්සත් රාජධානියේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති අතර අද දිනය අවසන් වන විට නිල වාර්තාවල දැක්වෙන මරණ සංඛ්‍යාව 10,612 කි. 

ඉතාලියේ හා ස්පාඤ්ඤයේ වෛරස් මරණ සංඛ්‍යාව පහත වැටීමත් සමඟ, එක්සත් රාජධානිය යුරෝපයේ වැඩිම වෛරස් මරණ ඇති රට බවට පත්වනු ඇතැයි යන බිය වැඩිවෙමින් පවතී. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔහු COVID-19 යථා තත්ත්වයට පත්ව ඇති බව ඔහුගේ කාර්යාලය පවසයි.

“ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් පරිදි අගමැතිවරයා වහාම සේවයට නොඑනු ඇත. ශාන්ත තෝමස් රෝහලේ සියලුම දෙනාටම තමාට දුන් අති විශිෂ්ඨ සත්කාරය පිළිබඳව ස්තූති කිරීමට ඔහු කැමතියි” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය. 

 ‘මම ඔවුන්ට මගේ ජීවිතයට ණයගැතියි’: එක්සත් රාජධානියේ අගමැති ජොන්සන් වෛද්‍යවරුන්ට ප්‍රශංසා කරයි

COVID-19 ආසාදනය වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බොරිස් ජොන්සන් එයින් පිටවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයට තම ගෞරයට හා ප්‍රණාමය පුද කළේය. ඔහු සදහන් කළේ තම ජීවිතය බේරාදීම පිළිබදව තමා ඔවුන්ට ණයගැති බවයි.

“මට ඔවුන්ට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැකිය. මගේ ජීවිතයට මම ඔවුන්ට ණයගැතියි” යැයි ජොන්සන් රෝහල් කාර්ය මණ්ඩලය ගැන පැවසීය. 

මෙම අදහස් මාධ්‍යවේදීන්ට නිකුත් කළ අතර ඉරිදා ඔහුගේ කාර්යාලය විසින් ඒ බව තහවුරු කළේය.

ජොන්සන්ගේ තත්ත්වය පිළිබඳ නවතම නිල යාවත්කාලීන කිරීම් වලදී ඩව්නිං වීදිය පැවසුවේ “ඔහු ඉතා හොඳ ප්‍රගතියක් ලබා ඇති” බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 2020 මාර්තු 17 වන අඟහරුවාදා ලන්ඩනයේ ඩව්නිං වීදිය 10 තුළ COVID-19 කිරීටක වෛරසය පැතිරීමත් සමඟ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වයි.

ආසාදිතයන් වෙනුවෙන් පාප්තුමා පාස්කු යාඥා කරයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් ලොව පුරා මිය ගිය ලක්ෂයකට අධික පිරිස වෙනුවෙන් සහ ලක්ෂ 17ක් පමණ වන ආසාදිතයින් වෙනුවෙන් ශුද්ධ වූ පාප් වහන්සේ අද (12) ඉරිදා යාඥා මෙහෙය අතරතුර විශේෂ යාඥාවක් පැවැත් වූහ.

“අද මගේ සිතුවිලි කොරොන වෛරසයට සෘජුවම ගොදුරු වූ බොහෝ දෙනා වෙත හැරී යයි: රෝගීන්, මියගිය අය සහ තම ආදරණීයයන් අහිමි වීම ගැන වැලපෙන පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මම යාඥා කරමි”පාප්තුමා බැතිමතුන්ගෙන් තොර ශාන්ත පීතර බැසිලිකාව වෙතින් සජීවී පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. 

වතිකානුවේ කිරීටක වෛරසය (COVID-19) පුපුරා යාම හේතුවෙන් මහජන සහභාගීත්වයක් නොමැතිව පාස්කු උත්සවයක් සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නායකත්වය දෙයි.

කොරෝනා එන්නතක් නැති නම් යළි අවදානම ඉහළට

ලක්ෂයකට අධික පිරිසක් මරණයට පත් කළ කොවිඩ්-19 සදහා එන්නතක් සොයා ගැනීම සදහා ලොව පුරා විද්‍යාඥයෝ දැවැන්ත වෙහෙසක් ගනමින් සිටිති. එහෙත් එය තව දුරටත් ඈත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ.

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම ප්‍රමාද වීම හමුවේ චීනය සහ ඉතාලිය වැනි දරුණුතම බලපෑමට ලක් වූ සමහර රටවල මෑත දිනවල ආසාදන හා මරණ සමතලා වී ඇති නමුත් එන්නතක් නොමැති තත්ත්වය තුළ නව පිපිරුම් රැල්ලක අවදානම ආසන්න බව විශේෂඥයින් අනතුරු අගවා ඇත.

නූතන එන්නත

ජපන් අගමැතිට දැඩි විවේචන

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියෙන් දැඩි සේ කම්පනයට පත්ව සිටින ජපානය මේ වන විට එය පාලනය කිරීමට දැඩි පියවර ගෙන තිබෙනවා. ඒ අතර සමාජ දුරස්ථභාවය සහ නිවසේ රැදී සිටීම ප්‍රධානයි.

මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීම සදහා ජපන් අගමැති ෂින්සෝ අබේ ට්විටර් පණිඩුවයක් සමග වීඩියෝවත් නිකුත් කර තිබෙනවා. මෙම වීඩියෝවේදී ජපන් අගමැති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේෙ “මට මගේ මිතුරන් හමුවිය නොහැකියි. මට බීම සාදයක් පැවැත්විය නොහැකයි. නමුත් මෙම ක්‍රියාවන් නිසැකවම බොහෝ ජීවිත බේරා ගැනීමට හැකියාවව ලැබෙනවා. ඒ නිසා ඔබ ඔබේ සුරතල් සුඛනයා සුරතල් කරන්න …. පොතක් කියවන්න” යැයි ෂින්සෝ අබේ පවසයි.

ජපන් අගමැතිවරයාගේ ප්‍රකාශය කෙසේ වෙතත් වීඩියෝවේ ඔහු සිටින ආකාරය මේ වන විට ජපන් ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. සුවපහසු සෝපාවක ඉතා පහසුවෙන් වාඩි වී කලු පැහැති සිය සුරතල් සුඛනයා සුරතල් කරමින් සිටින ජපන් අගමැතිවරයාගේ ක්‍රියාව ජපන් ජනතාව දකින්නේ අවස්ථාවාදී හා වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසයි.

“මිනිසුන්ගේ පැවැත්ම සඳහා සටන් වදින මොහොතක, එවැනි සුඛෝපභෝගී වීඩියෝවක් පෙන්වීමට … කෙනෙකුට උදව් කිරීමට නොහැකි අතර, ‘ඔබ කවුදැයි ඔබ සිතන්නේද?’ යනුවෙන් එක් ට්විටර් පරිශීලකයෙක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණා.

බොහෝ ජපන් ජාතිකයින් කියා සිටියේ අගමැතිවරයාගේ ප්‍රකාශය හා වීඩියෝව කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ජීවත්වීමට අරගල කරන අයගේ දුක්ඛිත තත්වය නොසලකා හැර ඇති බවයි.

ජනප්‍රිය ගායක හොෂිනෝ ද වීඩියෝ පටයේ භේදකාරී තිරයක දර්ශනය වන අතර සමාජ දුරස්ථභාවය වෙනුවෙන් පෙනී සිටින ගීතයක් රඟ දක්වයි. එය මෙසේ ය: “අපි බේරී නටමු, අපි එකිනෙකා, අපි කොහේ සිටියත්, අපි සියල්ලෝම එක ලෙස, අපි නිවසේදී ගායනා කරමු.

安倍晋三@AbeShinzo

友達と会えない。飲み会もできない。
ただ、皆さんのこうした行動によって、多くの命が確実に救われています。そして、今この瞬間も、過酷を極める現場で奮闘して下さっている、医療従事者の皆さんの負担の軽減につながります。お一人お一人のご協力に、心より感謝申し上げます。

Embedded video

උතුරු කොරියාව දැඩි ප්‍රති-වෛරස් ක්‍රියාමාර්ග ඉල්ලා සිටී

වේගයෙන් ව්‍යාප්ත වන කොරෝන වෛරසයේ “ආක්‍රමණය පරීක්ෂා කිරීම” සඳහා දැඩි පියවර ගන්නා ලෙස උතුරු කොරියාව ඉල්ලා සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ශ්‍රේෂ්ඨ නායක කිම් ජොන් උන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඉහළ නිලධාරීන් “ලෝක ව්‍යාප්ත වසංගත රෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා, අපගේ ජනතාවගේ ජීවිතය හා ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා වඩාත් ජාතික පියවරයන් ගැනීම” පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කළ බවයි. 

කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමකට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී වේ
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමකදී

කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් හා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා කර ඇති රටවල්

එක්සත් ජනපදය – රෝගීන් 530,830 ක්, මරණ 20,646 ක් 
ස්පාඤ්ඤය – 166,019 ක් , මරණ 16,972  ක්
ඉතාලිය – රෝගීන් 152,271 ක්, මරණ 19,468 ක්
ප්‍රංශය – රෝගීන් 130,730 ක්, මරණ 13,832 ක්
ජර්මනිය – රෝගීන් 125,452 ක්, මරණ 2,871 ක්
චීනය –  රෝගීන් 83,134 ක් , මරණ 3,343 ක්
එක්සත් රාජධානිය – රෝගීන් 79,885 ක්, මරණ 10,612 ක්
ඉරානය – රෝගීන් 71,686 ක්, මරණ 4,474 ක් 
තුර්කිය – රෝගීන් 52,167 ක්, මරණ 1,101 ක්
බෙල්ජියම – රෝගීන් 29,647 ක්, මරණ 3,600 ක්
නෙදර්ලන්තය – රෝගීන් 25,746 ක්, මරණ 2,747 ක්
ස්විට්සර්ලන්තය –  රෝගීන් 25,300 ක් , මරණ 1,081 ක්
කැනඩාව – රෝගීන් 23,717 ක්, මරණ 654 ක්
බ්‍රසීලය – රෝගීන් 21,042 ක්, මරණ 1,141 ක්
පෘතුගාලය – රෝගීන් 16,585 ක්, මරණ 504 ක් 
රුසියාව – රෝගීන් 15,770 ක්, මරණ 130 ක්
ඔස්ට්‍රියාව – රෝගීන් 13,945 ක්, මරණ 350 ක්
ඊස්රායලය – රෝගීන් 10,878 ක්, මරණ 101 ක්
දකුණු කොරියාව – රෝගීන් 10,512 ක්, මරණ 214 ක්
ස්වීඩනය – රෝගීන් 10,483 ක්, මරණ 899 ක්
අයර්ලන්තය – රෝගීන් 8,928 ක්, මරණ 320 ක්
ඉන්දියාව – රෝගීන් 8,504 ක්, මරණ 288 ක්
ඉක්වදෝරය – රෝගීන් 7,257 ක්, මරණ 315 ක්
චිලී – රෝගීන් 7,213 ක්, මරණ 73 ක්
පේරු – රෝගීන් 6,848 ක්, මරණ 181 ක්
ජපානය – රෝගීන් 6,748 ක්, මරණ 108 ක්
නෝර්වේ – රෝගීන් 6,485 ක්, මරණ 124 ක්
ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,315 ක්, මරණ 57 ක්
ඩෙන්මාර්කය – රෝගීන් 6,369 ක්, මරණ 273 ක්
පෝලන්තය – රෝගීන් 6,674 ක්, මරණ 232 ක්
රුමේනියාව – රෝගීන් 6,300 ක්, මරණ 306 ක්
චෙක් ජනරජය – රෝගීන් 5,905 ක්, මරණ 129 ක්
පකිස්ථානය – රෝගීන් 5,170 ක්, මරණ 88 ක්
මැලේසියාව – රෝගීන් 4,683 ක්, මරණ 76 ක්
පිලිපීනය – රෝගීන් 4,648 ක්, මරණ 297 ක්
මෙක්සිකෝව – රෝගීන් 4,219 ක්, මරණ 273 ක්
ඉන්දුනීසියාව – රෝගීන් 4,241 ක්, මරණ 373 ක්
සෞදි අරාබිය – රෝගීන් 4,033 ක්, මරණ 52 ක්
එක්සත් අරාබි එමීර් – රෝගීන් 3,736 ක්, මරණ 20 ක්
ලක්සම්බර්ග් – රෝගීන් 3,270 ක්, මරණ 62 ක්
සර්බියාව – රෝගීන් 3,380 ක්, මරණ 74 ක්
ෆින්ලන්තය – රෝගීන් 2,905 ක්, මරණ 49 ක්
පැනමාව – රෝගීන් 3,234 ක්, මරණ 79 ක්
ඩොමිනිකන් ජනරජය – රෝගීන් 2,759 ක්, මරණ 126 ක්
කටාර් – රෝගීන් 2,728 ක්, මරණ 6 ක්
කොලොම්බියාව – රෝගීන් 2,709 ක්, මරණ 100 ක්
තායිලන්තය – රෝගීන් 2,551 ක්, මරණ 35 ක්
යුක්රේනය – රෝගීන් 2,511 ක්, මරණ 73 ක්
සිංගප්පූරුව – රෝගීන් 2,299 ක්, මරණ 8 ක්
ග්‍රීසිය – රෝගීන් 2,081 ක්, මරණ 93 ක්
දකුණු අප්‍රිකාව – රෝගීන් 2,028 ක්, මරණ 25 ක්
බෙලාරුස් – රෝගීන් 2,226 ක්, මරණ 23 ක්
ආර්ජන්ටිනාව – රෝගීන් 2,142 ක්, මරණ 89 ක්
ඊජිප්තුව – රෝගීන් 1,939 ක්, මරණ 146 ක්
ඇල්ජීරියාව – රෝගීන් 1,825 ක්, මරණ 275 ක්
අයිස්ලන්තය – රෝගීන් 1,689 ක්, මරණ 7 ක්
ක්‍රොඒෂියාව – රෝගීන් 1,534 ක්, මරණ 21 ක්
මොරොක්කෝව – රෝගීන් 1,545 ක්, මරණ 111 ක්
මෝල්ඩෝවා – රෝගීන් 1,560 ක්, මරණ 30 ක්
නවසීලන්තය – රෝගීන් 1,330 ක්, මරණ 4 ක්
ඉරාකය – රෝගීන් 1,318 ක්, මරණ 72 ක්
එස්තෝනියාව – රෝගීන් 1,304 ක්, මරණ 24 ක්
හංගේරියාව – රෝගීන් 1,410 ක්, මරණ 85 ක්
ස්ලොවේනියාව – රෝගීන් 1,188 ක්, මරණ 50 ක්
ලිතුවේනියාව – රෝගීන් 1,053 ක්, මරණ 23 ක්
බහරේනය – රෝගීන් 1,040 ක්, මරණ 6 ක්
කුවේට් -රෝගීන් 1,154, 1 මරණය
අසර්බයිජානය – රෝගීන් 1,058 ක්, මරණ 11 ක්
ආර්මේනියාව – රෝගීන් 977 ක්, මරණ 13 ක් 
බොස්නියාව සහ හර්සගොවිනා – රෝගීන් 946 ක්, මරණ 37 ක්

ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලයේ සහ අල් ජසීරා වාර්තා ඇසුරිණි – සැකසුම – තුෂාධවි

RSL

Related Posts