Covid-19: තායිවානය ලැබූ සාර්ථක අත්දැකීම් ලෝකයට අහිමි වුණේ ඇයි ?

Spread the love

පසුගිය ජනවාරි 25 වැනිදා වන විට මධ්‍යම චීනයෙන් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරස් අවදානම පිළිබඳව ලෝකය අවදි වෙමින් සිටියදී, චීනය හැර තවත් රටවල් දෙකක් තම භූමිය තුළ නව ආසාදන හතරක් වාර්තා කළේය. ඒ ඕස්ට්‍රේලියාව සහ තායිවානයයි.

භූමියේ අසාමාන්‍ය වෙනස නොතකා හරින්නේ නම් ඔස්ට්‍රේලියාව සහ තායිවානය අතර සමාන ජනගහනයක්, එනම් මිලියන 24 ක් පමණ ජනගහනයක් සිටින අතර රටවල් දෙකම දූපත් වේ. ඒ අනුව රාජ්‍ය දෙකටම තම දේශසීමා දැඩි පාලනයකට යටත් කිරීමට පහසු අවකාශයක් සලසයි.

මේ දෙරටම චීනය සමඟ ප්‍රධාන වෙළඳ හා ප්‍රවාහන සම්බන්ධතා පවත්වයි. 

කෙසේ වෙතත්, එම දිනයේ සිට, එනම් ජනවාරි 25 වැනිදා සිට සති දහයක් ගතවන විට, ඕස්ට්‍රේලියාවේ ආසාදිතයින් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර තායිවානයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින්  400කට අඩු සංඛ්‍යාවකි.

ප්‍රශ්නය වන්නේ ඕස්ට්‍රේලියාව කළ වැරැද්ද කුමක් ද යන්න නොවේ. රටවල්ව 29ක ඕස්ට්‍රේලියාවට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර ඇත.

නමුත් තායිවානය ලෝකයේ වෙනත් ප්‍රදේශවල නොමැති තරම තම රට තුළ කොරෝනා වෛරසය පාලනය කර ඇත්තේ කෙසේද ?

අසීරුවෙන් උගත් පාඩම්

2003 දී දරුණු ශ්වසන සින්ඩ්‍රෝමය / සාර්ස් (SARS) පුපුරා යාමේදී, තායිවානය හොංකොං සහ දකුණු චීනය සමඟ දරුණුතම හානියට පත් ප්‍රදේශ අතර විය. චීනයේ ගිනිකොන දෙසින් කිලෝමීටර් 180 ක් (සැතපුම් 110 ක්) ඈතින් පිහිටි තායිවානයේ 150,000 කට වැඩි පිරිසක් නිරෝධායනය කරන ලද අතර පුද්ගලයින් 181 ක් මිය ගියහ.

වර්තමාන කොරෝන අර්බුදය සාපේක්ෂව SARS සමග සමපාත වන අතර, එය ආසියාවේ බොහෝ ප්‍රදේශ හරහා කම්පන තරංග යැවූ අතර අනාගත වසංගතයන්ට මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න පිළිබඳව දිගු සෙවනැල්ලක් තැබීය. 

කලාපයේ බොහෝ ප්‍රදේශ කොරෝන වෛරසයට වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට අසමත් විය. අද ගෝලීය තත්ත්වය හා සසදා බලන්නේ නම් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා රජයේ හා සමාජීය මට්ටමින් දේශසීමා පාලනයන් කෙරේ උනන්දු නොවීය. එනම් දේශසීමා වසා දැමීමට කිසිදු උනන්දුවක් ගත්තේ නැත. එපමණක් නොව ආසාදනය පහසුවෙන් පාලනය කළ හැකි මුහුණු ආවරණ පැළදීම ඉක්මන් පුරුද්දක් බවට පත් කිරීමට වඩා ඒවා පැළදීම අනතුරුදායක ලෙස සැලකීමට නැඹුරු විය.

තායිවානයේ සෞඛ්‍ය පද්ධතිය

තායිවානයේ ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇත. චන්ද්‍ර අලුත් අවුරුද්දට සමගාමීව වුහාන් වෙතින් කොරෝන වෛරසය පිළිබඳ ආරංචි මතුවීමත් සමඟම, තායිවානයේ ජාතික සෞඛ්‍ය අණ මධ්‍යස්ථානයේ Taiwan’s National Health Command Center (NHCC) නිලධාරීන් (SARS වලින් පසුව පිහිටුවන ලද ) විය හැකි තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් පියවර ගත්තේය.

“තායිවානය මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පසුගිය සති පහ තුළ අවම වශයෙන් ක්‍රියාකාරී ආයිතම 124ක ලැයිස්තුවක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කර තිබේ ” යැයි තායිවානයේ වෛද්‍යවරයකු සහ ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරයකු වන ජේසන් වැන්ග් පවසයි.

“ප්‍රතිපත්ති සහ ක්‍රියා මායිම් පාලනයෙන් ඔබ්බට යන්නේ එය ප්‍රමාණවත් නොවන බව ඔවුන් හඳුනාගත් බැවිනි.”ජේසන් වැන්ග් පවසයි.

මෙය සිදු වූයේ වෙනත් රටවල් තවමත් ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව විවාද කරමින් සිටියදීය. ජනවාරි මාසයේ දී කරන ලද අධ්‍යයනයකදී ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය Johns Hopkins University කියා සිටියේ තායිවානය චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත වඩාත් අවදානම් සහිත ප්‍රදේශවලින් එකක් බවයි. (එහි සමීපත්වය, සබඳතා සහ ප්‍රවාහන සම්බන්ධතා හේතුවෙන්)

එම මුල් තීරණාත්මක පියවරයන් අතර, චීනයේ බොහෝ ප්‍රදේශවලින් සිදුවන සංචාරක ඇතුළු ගමනා ගමන කටයුතු තහනම් කිරීම, දිවයිනේ වරායවල නැව් නැවැත්වීමට සීමා පැනවීම සහ නිවාස නිරෝධායන නියෝග උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට දැඩි දඩුවම් ලබා දීම යන තීරණය ද විය.

මීට අමතරව, තායිවානයේ නිලධාරීන් දේශීය සැපයුම සහතික කිරීම සඳහා ගෘහස්ථ මුහුණු ආවරණ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, කොරෝනා වෛරසය සඳහා දිවයින පුරා පරීක්ෂණ සිදු කිරීමටත් ( කලින් විස්තර නොකළ නියුමෝනියාව වැළඳී ඇති පුද්ගලයින් නැවත පරීක්ෂා කිරීම ඇතුළුව) වෛරසය පිළිබඳ වැරදි තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් නව දඩුවම් ප්‍රකාශයට පත් කිරීමටත් කටයුතු කළේය.

“ලොව පුරා කොවිඩ් -19 අඛණ්ඩව ව්‍යාප්ත වීම සැලකිල්ලට ගෙන, තායිවානයේ ඉක්මණින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරී අයිතමයන් අවබෝධ කර ගැනීම සහ මහා පරිමාණ වසංගතයක් වැලැක්වීමේදී මෙම ක්‍රියාවන්ගේ ඵලදායීතාවය අනෙකුත් රටවලට උපදේශාත්මක විය හැකිය,” වැන්ග් සහ ඔහුගේ සම කතුවරුන් සදහන් කළේය.

“තායිවානයේ රජය 2003 SARS අත්දැකීම් වලින් ඉගෙන ගෙන ඊළඟ අර්බුදය සඳහා වේගවත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළේය. මනා පුහුණුව ලත් සහ පළපුරුදු නිලධාරීන්ගේ කණ්ඩායම් මෙම අර්බුදය හඳුනා ගැනීමට ඉක්මන් වූ අතර නැගී එන පුපුරා යෑමට හදිසි කළමනාකරණ ව්‍යුහයන් ක්‍රියාත්මක කළහ. “

විශේෂයෙන් තායිවානයේ වේගවත් හා විනිවිද පෙනෙන ප්‍රතිචාරය (වෛද්‍ය නිලධාරීන් මේ පිළිබඳව දිනපතා කරුණු දක්වමින්) ප්‍රජාතන්ත්‍රවාදයට තවමත් වසංගත රෝග පාලනය කළ හැකි ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස දැක්විය හැකිය. නමුත් සමහරු කියා සිටියේ චීනය වැනි අත්තනෝමතික රජයකට පමණක් මෙවැනි වේගයෙන් පැතිරෙන වසංගතයක් පාලනය කිරීමට හැකියාව ඇති බවයි. ඵලදායී විය හැකි බවයි.

චීනයේ සහ තවත් බොහෝ රටවල ක්ෂණික සහ පහසු ප්‍රතිචාරය දැඩි අගුලු දැමීම් ද තායිවානය මග හැරියේය. දේශීය සැපයුම සහතික කිරීම සඳහා මුහුණු ආවරණ අපනයනය කිරීම සති කිහිපයකට පසු තහනම් කර ඇති තායිවානය දැන් එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ තවත් යුරෝපීය රටවල් නවයකට (තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කුඩා ජාතීන් ද ඇතුළුව) මුහුණු ආවරණ මිලියන 10ක් පරිත්‍යාග කරන බව රජය පසුගිය බදදා ප්‍රකාශ කළේය.

蔡英文 Tsai Ing-wen@iingwen

Today I announced three major areas where #Taiwan will contribute to the global fight against #COVID19:

: Donating 10 million face masks to countries in need.
: Increasing production of quinine.
: Sharing our use of technology to trace & investigate outbreaks.

වසංගත දේශපාලනය

කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තායිවානයේ සාපේක්ෂ සාර්ථකත්වය බොහෝ දුරට යුරෝපයේ හා එක්සත් ජනපදයේ නරක අතට හැරෙමින් පවතින අර්බුදයෙන් යටපත් වී ඇති අතර, යම් පාඩම් ඉගෙන ගත යුතු නම්, මොහොත ගෙවී ගොස් ඇත.

එය සත්‍යයක් විය හැකි නමුත්, බටහිර රටවල් ජනවාරි සහ පෙබරවාරි මාසවල තායිවානයේ නායකත්වය අනුගමනය නොකළේ මන්දැයි තවමත් පැහැදිලි නැත. 

බොහෝ නිරීක්ෂකයින් පෙන්වා දී ඇති එක් සාධකයක් වන්නේ තායිවානය අනෙක් සෑම රජයක් මෙන් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙකු නොවන බවයි.

තායිවානය චීනය විසින් තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, බීජිනය තායිවානය බොහෝ ජාත්‍යන්තර සංවිධානවලට සහභාගී වීම වලක්වනුයේ “එක් චීනයක්” මූලධර්මයට අනුකූල වන පරිදි නොවේ නම් (චීනය ප්‍රධාන භූමියෙන් වෙන්වීම පැහැදිලි කරන – ඔලිම්පික් උළලේදි සිදුවන පරිදි ‘චීන තායිපේ‘ ලෙස හැදින්වීම) තායිවානය යනු චීනයේම කොටසක් යන මූලධර්මයේ සිටයි.

තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂක තත්ත්වය 2016 වන තෙක් පැවතුනි. කෙසේ වෙතත්, එය වෙනස් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් තේරී පත්වීමත් සමඟ ය. ඔහු බීජිනය අනුගමනය කරමින් තායිපේට දැඩි ලෙස බලපෑම් එල්ල කළේය. ඒ අනුව 2016 දී තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය අත්හැරීමට සිදුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය තර්ක කරන්නේ සාමාජික රටවල රැස්වීම්වලින් තායිවානය බැහැර කිරීම සෞඛ්‍ය තොරතුරු හා මග පෙන්වීම එදිනෙදා බෙදාහදා ගැනීමට බලපාන්නේ නැති බවත් තායිවාන් විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවකයින් තවමත් සංවිධානය හරහා ජාත්‍යන්තර සගයන් සමඟ කටයුතු කරන බවත්ය. 

කෙසේ වෙතත්, තායිවානයේ නිලධාරීන් ඇතුළු බොහෝ නිරීක්ෂකයින් කියා සිටියේ එය සාර්ස් වසංගතය හා වර්තමාන අර්බුදය යන දෙකෙහිම ඍණාත්මක බලපෑමක් ඇති කර ඇති බවයි .

චීනයේ, තායිවානයේ සහ ඕස්ට්‍රේලියාවේ ලෝවි ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ විශේෂඥ නටාෂා කස්සම් කියා සිටියේ, කොරෝන වෛරස් වසංගතයේ මුල් අවධියේදී තායිවානයේ දත්ත ලබා ගැනීම සදහා සෞඛ්‍ය සංවිධානය බිජිනය මත යැපීම (ලෝක සෞඛ්‍ය සංවිධානයට තායිවානය සමග සෘජු හා කාලෝචිත නාලිකා නොමැතිකම) “තායිවානයේ සිද්ධීන් සාවද්‍ය ලෙස වාර්තා කිරීමට හේතු වූ” බවයි.

“තායිවාන බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ ආධාර ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි කර තිබේ. එම තොරතුරු නොමැතිකම නිසා තායිවානයට තනිවම ගොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම සහ පුළුල් ජාත්‍යන්තර සම්මුතියෙන් ස්වාධීනව තීරණ ගැනීමට බල කෙරෙන්නට ඇත. කෙසේ වෙතත්, මෑත සතිවලදී තායිවානයේ නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔවුන් බැහැර කිරීම ගෝලීය ප්‍රතිචාරය සඳහා දිවයිනේ පූර්ණ දායකත්වය ලබා දීම වළක්වන බවට නැවත නැවතත් පැමිණිලි කර ඇත.”

‘අපට ලෝකයට උදව් කිරීමට අවශ්‍යයි. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරුන්, අපෙගේ ශ්‍රේෂ්ඨ පර්යේෂකයින්, අපගේ ශ්‍රේෂ්ඨ හෙදියන් පිටත් කර යැවීමට සහ අපගේ දැනුම හා අත්දැකීම් අවශ්‍ය රටවල් සමඟ බෙදා ගැනීමට අපට අවශ්‍යයි” උප ජනාධිපතිනී චෙන් චියන්-ජෙන් Chen Chien-jen පසුගිය සතියේ තායිපේහි ඇමරිකානු වාණිජ මණ්ඩලයට American Chamber of Commerce in Taipei පැවසීය . “අපට අවශ්‍ය වන්නේ හොඳ ගෝලීය පුරවැසියෙකු වී අපගේ දායකත්වය ලබා දීමටයි. නමුත් දැන් අපට එය කළ නොහැකිය.” ඇය කණස්සලු ස්වරයෙන් පැවසීය.

外交部 Ministry of Foreign Affairs, ROC (Taiwan) @MOFA_Taiwan

Wow, can’t even utter “Taiwan” in the WHO? You should set politics aside in dealing with a pandemic. FYI @WHO, 450+ news reports from 40+ countries so far positively covered #Taiwan’s handling of #COVID19. These reports do not mistake us as part of China & #TaiwanCanHelp. JW https://twitter.com/HKWORLDCITY/status/1243865641448169474 …Hong Kong World City @HKWORLDCITYWOW Bruce Aylward/@WHO did an interview with HK’s @rthk_news & when asked about #Taiwan he pretended not to hear the question. The journalist asks again & he hangs up!

She calls back & he said “Well, we’ve already talked about China.”

 තායිවානයේ ඉල්ලීම් හා චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා Bruce Aylward  පසුගිය සතියේ හොංකොං රාජ්‍ය ගුවන් විදුලිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “ලෝක සෞඛ්‍ය සංවිධානයේ තායිවාන සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නය පවතින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල්වලට මිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට නොවන” බවයි.

පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් අමතමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනින්ග් Chinese Foreign Ministry spokeswoman Hua Chunying පැවසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් ස්වෛරී රාජ්‍යයන් විය යුතු බව, සියලු පාර්ශ්වයන් පැහැදිලිව වටහාගෙන ඇති බවයි.

“තායිවානය අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදුවීම්වලට සහභාගී වීම සහ මෙම වසංගතය ඇතුළුව මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැත” යනුවෙන් ඇය කියා සිටියේ දිවයිනේම රජයට පටහැනිව ය. 

“වසංගතයේ මුවාවෙන් දේශපාලන උපාමාරු දැමීමේ ඔවුන්ගේ උත්සාහය (එක්සත් ජනපදය හා තායිවානය) නතර කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සීඑන්එන් වෙත පැවසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය තීරණය කිරීම සඳහා රටවල්වල වරම සමඟ සමහර අය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්‍ෂණික ගෝලීය මහජන සෞඛ්‍ය වරම ව්‍යාකූල කරමින් සිටින” බවයි.”

සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තායිවාන බලධාරීන් සහ විශේෂඥයන් ඉතා හොඳින් ස්ථාපිත විධිවිධාන අනුව අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය හා විද්‍යාත්මක කරුණු පිළිබඳව මැදිහත් වේ. වර්තමාන කොවිඩ් -19 වසංගතය තුළ නිරන්තර අන්තර්ක්‍රියාකාරිත්වයන් ද පවතී” යනුවෙන් ඔවුන් ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. 

“ජනගහනයට සාපේක්ෂව තායිවානයේ ආසාදිතයින් ප්‍රමාණය අඩුයි. අපි දිගටම වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තායිවානයේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සෑම ප්‍රදේශයකින්ම පාඩම් ඉගෙන ගන්නවා.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

සී.එන්.එන්. විසින් 2020 / 4/05 වැනි දින ප්‍රකාශයට පත් කළ වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts