ක්ෂය රෝගය / Tuberculosis ඇති වන්නේ වාතයෙන් බෝවන බැක්ටීරියා හේතුවෙන් වන අතර එය වැඩි වශයෙන් පෙනහළු වලට පහර දෙයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ක්ෂය රෝගයෙන් පෙළෙන බව සැලකේ. නමුත් රෝග ලක්ෂණ වර්ධනය වන්නේ සියයට 5-10ක් තුළ පමණි.
පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳීමෙන් ලෝකය පුරා පුද්ගලයින් මිලියන 1.25ක් මිය ගිය බවත් රෝගීන් මිලියන 08ක් හඳුනා ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා වාර්තාවක් නිකුත් කරමින් නිවේදනය කළේය.
පසුගිය 29 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ක්ෂය රෝගය තුරන් කිරීමේ ගෝලීය ප්රයත්නයේ අභියෝග කරමින්, 2023 දී බෝවන රෝග ආශ්රිත මරණ සඳහා ප්‍රධානතම හේතුව බවට ක්ෂය රෝගය පත්ව ඇත.
නවතම ඇස්තමේන්තුවට අනුව, පසුගිය වසරේ මිලියන 1.25 කට අධික ජනතාවක් ක්ෂය රෝගයෙන් මිය ගිය අතර, එය ලොව ප්‍රමුඛතම බෝවන රෝග ඝාතකයා ලෙස නැවත (කොවිඩ් වංසගතයෙන් පසු) සිය ස්ථානය තහවුරු කර ගෙන ඇත. ගෝලීය වශයෙන් ක්ෂය රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව HIV මරණ සංඛ්‍යාවට (2023දී) වඩා දෙගුණයකට ආසන්න බව ද අදාළ වාර්තාව පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ක්ෂය රෝගය වැඩි වශයෙන් අග්නිදිග ආසියාවේ, අප්‍රිකාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ පුද්ගලයන්ට බලපාන අතර, ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය, පිලිපීනය සහ පාකිස්තානය ගෝලීය රෝගීන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ක්ෂය රෝගය තවමත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් මරා දැමීම සහ මිලියන සංඛ්‍යාත පිරිසක් ආසාදිතයින් බවට පත් කිරීම කණස්සල්ලට කරුණක් බවයි. එය වැළැක්වීමට, එය හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට හැකියාව ඇති තත්ත්වයක් තුළ මෙම තත්ත්වය වාර්තා වීම වඩාත් කණගාටුදාය තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ගෝලීය වශයෙන්, ක්ෂය රෝග මරණ සංඛ්‍යාව අඛණ්ඩව අඩු වන අතර, අලුතින් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ස්ථාවර වීමට පටන් ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේ පසුගිය වසරේ ඖෂධවලට ඔරොත්තු දෙන ක්ෂය රෝගය ඇති බවට විශ්වාස කරන රෝගීන් 400,000 න් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් හඳුනාගෙන ප්‍රතිකාර කර ඇති බවයි.
ක්ෂය රෝගය ඇති වන්නේ වාතයෙන් බෝවන බැක්ටීරියා නිසා වන අතර එය වැඩි වශයෙන් පෙනහළු වලට පහර දෙයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ක්ෂය රෝගයෙන් පෙළෙන බව සැලකේ, නමුත් රෝග ලක්ෂණ වර්ධනය වන්නේ සියයට 5-10ක් තුළ පමණකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි.