බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි

Spread the love

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි.

ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ.

ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

බංගලාදේශ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇතිවූ දරුණු ගැටුම් අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත. මේවන විට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය බලා යන බව ය.

ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.  බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය බලා යන බව ය.

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

බංගලාදේශ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇතිවූ දරුණු ගැටුම් අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත.

මේවන විට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

 A garment store is reportedly set ablaze in Dhaka on August 4, 2024

ඡායාරූප මූලාශ්‍රය,Getty Images – ඡායාරූප ශීර්ෂ වැකිය,ආණ්ඩුවේ මර්දනය නොතකා පසුගිය මාසයේ ආරම්භ වූ විරෝධතා පුළුල් ලෙස පැතිර ගොස් තිබේ

පොලිසිය පැවසුවේ, සීරජ්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් වෙත පුද්ගලයින් දහස් ගණනක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

සිවිල් සේවා රැකියා සඳහා වන කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය මාසයේදී ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වුව ද, එය මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

බංගලාදේශ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද විශාල මර්දනය හේතුවෙන් විපක්ෂ ආධාරකරුවන් සහ සිසුන් ඇතුළු 10,000කට ආසන්න පිරිසක් සමූහ වශයෙන් රඳවා තබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මෙම විරෝධතා ව්‍යාපාරය පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ දා සිට මේ වන විට මියගිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 280 ඉක්මවයි.

Protesters are blocking the Shahbagh intersection during a protest in Dhaka, Bangladesh, on August 4, 2024, to demand justice for the victims arrested and killed in the recent nationwide violence during anti-quota protests.

ඡායාරූප මූලාශ්‍රය,Getty Images – ඡායාරූප ශීර්ෂ වැකිය,විරෝධතාකරුවෝ බංග්ලාදේශයේ අගනුවර අධිවේගී මාර්ගයක් අවහිර කළහ

පොලිසිය සහ පාලක පක්ෂයේ ආධාරකරුවන් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට ජීව උණ්ඩවලින් වෙඩි තබනු දැක ගත හැකි විය. පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ද භාවිත කළේ ය.

ජූලි මාසයේදී විරෝධතා ව්‍යාපාරය ආරම්භයේ සිට මේ දක්වා සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 270 ඉක්මවා තිබේ.

පස්වරු 6.00 සිට රාත්‍රී කාලයේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

නීතිය සහ අධිකරණ කටයුතු අමාත්‍ය අනිසුල් හක් ඉරිදා බීබීසී නිව්ස් අවර් වැඩසටහනට පැවසුවේ, බලධාරීන් “සංයමයකින්” ක්‍රියා කරන බව ය.

“අපි සංයමයකින් ක්‍රියා නොකළා නම් මෙතන ලේ විලක් වෙන්න ඉඩ තිබුණා. මම හිතන්නේ, අපේ ඉවසීමටත් සීමාවක් තියෙනවා,” ඔහු සඳහන් කළේ ය.

ඩකා අගනුවර, ජංගම උපාංග හරහා ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වීම අත්හිටුවා තිබේ.

4G සහ 3Gවලින් තොරව ජනතාවට ඔවුන්ගේ ජංගම උපාංගවල ඉන්ටර්නෙට් භාවිතයෙන් සන්නිවේදනය කළ නොහැක. ඉන්ටර්නෙට් සේවා යථා තත්ත්වයට පත්වන්නේ කවදා දැයි සඳහන් කර නැත.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක වන බෝග්‍රා, පබ්නා සහ රංග්පූර් ඇතුළු රට පුරා පිහිටි ප්‍රදේශවලින් මරණ හා තුවාලකරුවන් වාර්තා වී ඇත.

ඩකාහි ප්‍රධාන චතුරස්‍රයක දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්ව සිටි අතර නගරයේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වී තිබේ.ty.

“මුළු නගරය ම යුද්ධ පිටියක් බවට පත්වෙලා තියෙන්නේ,” නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි පොලිස් නිලධාරියෙක්, AFP පුවත් ඒජන්සියට පැවසීය. ඔහු පැවසුවේ, විරෝධතාකරුවන් දහස් ගණනක් රෝහලක පිටත නවතා තිබූ මෝටර් රථ සහ යතුරු පැදිවලට ගිනි තබා ඇති බව ය.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නිරත කණ්ඩායමක් වන, වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍යයෝ සංවිධානය පැවසුවේ, ඉරිදා දිනයේ සිට රජයේ අණ නොපිළිපදින ව්‍යාපාරයක් රට පුරා ආරම්භ කරන බව ය.

ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, බදු හෝ උපයෝගිතා බිල් පත් නොගෙවන ලෙස ය.

සියලු කර්මාන්ත ශාලා සහ පොදු ප්‍රවාහන සේවාවන් වසා දමන ලෙස ද ශිෂ්‍යයින් දැනුම් දී තිබේ.

Protesters are carrying the body of a wounded demonstrator along Karwan Bazar Road in Dhaka, Bangladesh, on August 4, 2024,

ඡායාරූප මූලාශ්‍රය,Getty Images – ඡායාරූප ශීර්ෂ වැකිය,ඇතැම් තුවාලකරුවන් විරෝධතාකරුවන් විසින් ඉවතට ගෙන ගොස් තිබිණි

පසුගිය සති දෙක තුළ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද විශාල මර්දනයේදී පුද්ගලයන් 10,000ක් පමණ රඳවාගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර විපක්ෂ ආධාරකරුවෝ සහ සිසුහු ද වෙති.

දෙපාර්ශවයට ම එළඹෙන දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි පෙනෙන්නට තිබේ.

ප්‍රධාන විපක්ෂය විසින් වර්ජනය කරන ලද ජනවාරි මාසයේ පැවති මැතිවරණයෙන් අඛණ්ඩව සිව් වන වරටත් තේරී පත් වූ හසීනාට මෙම විරෝධතා දැවැන්ත අභියෝගයක් එල්ල කරයි.

1971 වසරේදී පකිස්ථානය සමග පැවති බංගලාදේශ නිදහස් යුද්ධයේ විරුවන්ගේ ඥාතීන්ට සිවිල් සේවා රැකියාවලින් විශාල කොටසක් වෙන් කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයෝ පසුගිය මාසයේ වීදි බැස සිටියහ.

ආණ්ඩුවේ තීන්දුවකින් පසු කෝටාවෙන් විශාල ප්‍රමාණයක් දැන් ආණ්ඩුව විසින් අඩු කරනු ලැබ ඇතත්, සිසුන් විරෝධතාවලදී මිය ගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉල්ලා අඛණ්ඩව විරෝධතාවල නිරත වී තිබිණි. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ, හසීනා ඉල්ලා අස්වීම ය.

හසීනාගේ ආධාරකරුවන් ඇයගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට අවශ්‍ය බව පවසමින්, මීට පෙර ෂෙයික් හසීනා ශිෂ්‍ය නායකයින් සමග කොන්දේසි විරහිත සාකච්ඡාවක් ලබා දුන්නා ය.

“මට අවශ්‍ය උද්ඝෝෂණ කරන සිසුන් සමග වාඩි වී ඔවුන්ට සවන් දීමට යි. මට ගැටුමක් අවශ්‍ය නැහැ,” ඇය පැවසුවා ය.

එහෙත්, ශිෂ්‍ය විරෝධතාකරුවන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

විරෝධතා අතරතුර පොලිස් ස්ථාන සහ රාජ්‍ය ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීමෙන් පසු සාමය යථා තත්ත්වයට පත් කිරීමට හසීනා, පසුගිය මාසයේ හමුදාව කැඳවූවා ය.

ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීම සඳහා බංග්ලාදේශ යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් වකර්-උස්-සමාන් ඩකා නගරයේදී කනිෂ්ඨ නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වීය.

අන්තර් සේවා මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, “බංගලාදේශ හමුදාව සැමවිට ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ජනතාවගේ යහපත සහ රාජ්‍යයේ ඕනෑ ම අවශ්‍යතාවක් සඳහා එය අඛණ්ඩව කරගෙන යනු ඇත,” යනුවෙන් ජෙනරාල් සමාන් පැවසීය.

බංගලාදේශ මාධ්‍ය පවසන්නේ, පසුගිය මාසයේ පැවති විරෝධතාවලදී මිය ගිය බොහෝ දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූවන් බව ය. දහස් ගණනක් තුවාල ලැබූහ.

රජය තර්ක කරන්නේ, ආත්මාරක්ෂාව සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම සඳහා පමණක් පොලිසිය වෙඩි තැබීම් සිදු කළ බව ය.

මූලාශ්‍රය – බී.බී.සී සන්දේශය

Related Posts