‘බෝග 16 රට ස්වයංපෝෂිත කරන්න’ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැවැන්ත වැඩපිළිවෙළක්

Spread the love

බෝග 16 කින් රට ස්වයංපෝෂිත කරන්න ප්‍රායෝගිකව වැඩ කරන්න

බෝග 16 කින් වසර 03 කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික කෘෂිකර්ම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. අදාල සියලු නිලධාරීන් ඊට කැඳවනු ලැබුවා. සැලසුම් හා පොතපතේ කාරණාවලට සීමා නොවී ගොවිබිමට ගොස් ගොවි ජනතාවගේ ප්‍රායෝගික ගැටළු සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

බඩ ඉරිඟුල අලල මිරිස්, රතුළූණු, ලොකු ළූණු, උඳු සඳහා බීජ සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කර ඇති බවත් සහන වලට වඩා ගොවි ගැටළුවලට විසඳුම් සෙවීමෙන් ඉලක්ක කරා ගමන් කළ හැකිබවත් අමාත්‍යවරයා මෙහිදී අදාල නිලධාරීන්ට පෙන්වා දුන්නා. බදුල්ල, නුවරඑළිය, යාපනය යන දිස්ත්‍රික්ක මුල්කරගෙන මේ වන විට හෙක්ටයාර් 5,100 අල වගා කෙරෙනවා. එය හෙක්ටයාර් 7,000 දක්වා හෙක්ටයාර් 2,000 කින් වැඩි කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

මෙහිදී අදාල නිලධාරීන් කරුණු දක්වනු ලැබුවේ, බීජ අර්තාපල් හිඟය, ඉඩම් වල අඩුපාඩු ආදී ගැටළු පවතින බවද ඔවුන් පෙන්වා දුන්නා. ගොවියා සහ බීජ ගොවිපළ උසස් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමෙන් බීජ අල ගැටළුවට විසඳුම් සොයාගත හැකි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

එසේම ඇතැම් වතු සමාගම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම් අදාල දිස්ත්‍රික්කවලින් ලබාගෙන බීජ අල වැඩසටහනට යොදාගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නා. රජය සතු ඉඩම් අක්කර ලක්ෂ 02 ක් ප්‍රයෝජන නොගෙන අත්හැර ඇති බවත් එම ඉඩම් භෝග 16 ප්‍රවර්ධන වැඩසටහනට යොදාගැනීමට හැකිද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යවරයා අදාල නිලධාරීන් දැනුවත් කළා.

එසේම වන සතුන්ගෙන් අස්වැන්නට සිදුවන හානිය නිසා ගොවි ජනතාවට විශාල වශයෙන් ගැටළු ඇතිවී ඇති අතර “විදුලි පඹයා” වැනි නවීන තාක්ෂණය ගොවිබිමට ගලායන ලෙස ප්‍රායෝගික වැඩසටහන් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දුන්නා.

ප්‍රතිපාදන ඉල්ලීම සහ විවිධ ගැටළු ගැන පමණක් කරුණු දැක්වීමට සීමා නොවී අදාල ඉලක්කයන් වෙත ලඟාවීමට ගොවි ගැටළු විසඳන ලෙසයි අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මෙහිදී කියාසිටියේ. රටට අවශ්‍ය අමුමිරිස් නිෂ්පාදනය දැනට සිදුවුවත් වියළිමිරිස් අවශ්‍යතාවය මුළුමනින්ම ආනයනය මත පදනම්ව පවතිනවා. ඒ සඳහා මිලියන 14,853 ක් වැනි මුදලක් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යනවා. අදාල නිෂ්පාදන ගොවියා තුළින් සිදුවන්නේ නම් සහතික මිල ලබාදීම රජයට කළහැකි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

මිරිස්වලට දෙමුහුන් බීජ හඳුන්වා දී ඇතිබවත් එය ඵලදායිවී ඇති බවත් මෙහිදී අදාල නිලධාරීන් කරුණු ඉදිරිපත් කළා. ඒ සඳහා බීජ සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුකිරීමට අමාත්‍යවරයා එකඟත්වය පළ කළා. ලොකු ළූණුල රතු ළූණුල බඩ ඉරිඟුල මුං ඇට හා කව්පි මෙන්ම උඳු වගාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් කෙරුණා. එම බෝග වගාවන් ප්‍රචලිත කිරීමට පවතින සියලු ගැටළු නිරාකරණයට රජය සූදානම්බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ. 

බඩ ඉරිඟු වගාව නියමිත ඉලක්කය කරා ලඟාවෙමින් පවතින අතර මහා පරිමාණ වගාකරුවන් මඟින් කුඩාපරිමාණ වගාකරුවන් අපහසුතාවට පත්නොවන පරිදි මනා පාලනයක් අවශ්‍ය බව මෙහිදී අමාත්‍යවරයා අදාල නිලධාරීන්ගේ අවධානය යොමු කළා. මුං ඇට සහ කව්පි වාර්ෂිකව රටට අවශ්‍ය ප්‍රමාණය දැනටමත් නිෂ්පාදනය වී ඇති බවත් රටකජු නිෂ්පාදනය ද අතිරික්තයක් දක්වා වර්ධනය වී ඇති බවත් සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම නිලධාරීන් අමාත්‍යවරයා මෙහිදී දැනුවත් කළා. 

වෙලාවට පොහොර, වෙලාවට ජලය, වෙලාවට තාක්ෂණයල මිලදී ගැනීමල නියමිත මිල, මේ සියල්ල සම්බන්ධීකරණය හා සොයාබැලීම වගකීම ලෙස සලකා ක්‍රියාකරන ලෙසත්, තීන්දු තීරණ කාර්යක්ෂමව ගෙන ගොවියා ශක්තිමත් කිරීමට පියවර ගැනීමෙන් සෞභාග්‍යයේ දැක්මේ සඳහන් කළ වසර 03 කින් භෝග 16 කින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කළ හැකිබවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා, එසේම කාබනික පොහොර කෙරෙහි ගොවිජනතාව පෙළබවීම අත්‍යවශ්‍ය බවත්, වස විෂ නැති රටක් නිර්මාණය කිරීමට ඒ තුළින් හැකිබවත් මෙහිදී සාකච්ඡාවට ලක්වුණාග සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම පස් පරීක්ෂා කිරීමේ කට්ට, ලබාදී අදාල ප්‍රදේශයේ පසෙහි තත්ත්වයට ගැලපෙන පරිදි පමණක් පොහොර නිකුත්කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා.

සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම යාන්ත්‍රික අංශයක් ස්ථාපිත කොට ගොවි කටයුතු පහසුකිරීමට පියවර ගෙන ඇතිබවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියේ, බැකෝ යන්ත්‍ර, ට්‍රැක්ටර්, ගොයම් කැපීමේ යන්ත්‍ර ආදී කෘෂි උපකරණ එම යාන්ත්‍රික අංශයට ලබාදී උපකරණ භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ද ගොවින්ට ලබාදෙන ලෙස මෙහිදී සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම නිලධාරීන්ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහාතා උපදෙස් දුන්නා,

අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, දිවයින පුරා කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

RSL

Related Posts