85 වැනි ජන්ම දිනය සමරන ෆිදෙල් කැස්ත්‍රෝ

Spread the love

කියුබානු විප්ලවයේ නියමුවා වන ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වැනි ජන්ම දිනය පසුගිය දා (13 අගෝ. සෙනසුරාදා) යෙදී තිබිණි.

සිය දේශපාලන නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කියුබානු ජනතාව විසින් පසුගිය සතිය පුරාම උත්සව සංවිධානය කර තිබිණි.

මේ නිමිත්තෙන් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග ඇතුළු උත්සව ගණනාවක් හවානා ඇතුළු නගර ගණනාවකදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

1926 අගෝස්තු මස 13වැනිදා ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේදී උපත ලද අතර 1965දී කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු මහලේකම්වරයා ලෙස පත්විය. වසර 50ක පමණ කාලයක් කියුබාවේ ජනාධිපතිවරයා ‍වූ ඔහු 2006දී ජනාධිපති ධූරයෙන් සමුගත්තේය.


RSL

Related Posts