8 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් කර්නාටක ප්‍රාන්තයේ මයිසුරුහි මයිසූර් මාලිගා ක්‍රීඩාංගණයේ පැවති මහා යෝග සැසිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

කර්නාටක ආණ්ඩුකාර තවර් චාන්ද් ගෙලොට්, ප්‍රධාන අමාත්‍ය බසවරාජ් බෝම්මයි සහ ඉන්දීය අමාත්‍ය සර්බානන්ද සොනොවාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මයිසුරු වැනි ඉන්දියාවේ අධ්‍යාත්මික මධ්‍යස්ථාන විසින් සහස්‍ර ගණනාවක් තිස්සේ ස්ථාපිත කරන ලද යෝග ශක්තිය දැන් ලෝක සෞඛ්‍යයට මග පෙන්වන බව රැස්වීම අමතමින් අගමැති මෝදි ප්‍රකාශ කළේය.

යෝග යනු ඕනෑම පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයා සඳහාම වේ. එබැවින් මෙවර ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන්නේ – මනුෂ්‍යත්වය සඳහා යෝග” යන්නයි.”

යෝගා දැන් ගෝලීය උත්සවයක් බවට පත් වී ඇත.මෙම තේමාව ලොව පුරා ප්‍රේක්ෂකයින් අතරට ගෙන යෑම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් රටවලට කෘතඥතාව පළ කළේය.

ඉන්දීය මධ්‍යම අමාත්‍යවරුන් විසින් රට පුරා ප්‍රසිද්ධ ස්ථාන 75ක 8 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරුම්වලට නායකත්වය දුන් අයුරු දැකගත හැකි විය.

යෝග අත්දැකීම හා ඈඳුණු ඉන්දියාවේ අතීතය,විවිධත්වය,ව්‍යාප්තිය යන ඓතිහාසික කාරණා පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

විවිධ ජාතීන් 79 ක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙන්ම ලොව පුරා ඉන්දියානු දූත මණ්ඩල සම්බන්ධ වන ඒකාබද්ධ යෝගා අභ්‍යාසයන් ලොව පුරා පවත්වන ලදී.

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් විවිධ අධ්‍යාපනික, සමාජීය, දේශපාලනික, සංස්කෘතික, ආගමික, ව්‍යාපාරික සහ වෙනත් සිවිල් සමාජ සංවිධාන විසින් යෝගා උත්සව ද පවත්වන ලදී.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්