2030 වන විට ඉන්දියාවේ ජෛව ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ඉලක්කයක් ඇති බව ඉන්දීය විද්‍යා හා තාක්ෂණ පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය සභාවේදී ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක් ලබා දෙමින්ය.වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය ජිතේන්ද්‍ර සීං කරුණු ගෙන හැර දැක්වූයේ ඉන්දියාව 2019 දී ඩොලර් බිලියන 44 සිට 2021 දී ඩොලර් බිලියන 80.1 දක්වා ජෛව ආර්ථිකයේ තිරසාර වර්ධනයක් වාර්තා කළ බවයි.

ජෛව ආර්ථිකය යනු සියලු ආර්ථික අංශ හරහා තොරතුරු, නිෂ්පාදන, ක්‍රියාවලි සහ සේවා සැපයීම සඳහා අදාළ දැනුම, විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ඇතුළු ජීව විද්‍යාත්මක සම්පත් නිෂ්පාදනය, භාවිතය සහ සංරක්ෂණය යන්නයි.

ඉන්දීය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුව, ඉන්දියානු ජෛව තාක්‍ෂණ කර්මාන්තය ප්‍රධාන අංශ පහක් වටා පෙළගැසී ඇත:එනම් ජෛව ඖෂධ, ජෛව කෘෂිකර්මය,ජෛව කාර්මික, ජෛව බලශක්ති සහ ජෛව තොරතුරු තාක්ෂණය,ජෛව තාක්ෂණය සහ පර්යේෂණ සේවා වලින් සමන්විත ජෛව සේවා ඒකාබද්ධ අංශය ලෙස ය.

ජෛව තාක්‍ෂණ කර්මාන්තය, පර්යේෂණ ආයතන සහ ජෛව තාක්‍ෂණ ආරම්භක පරිසර පද්ධතිය නව්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම ජෛව ආර්ථිකය සමාජීය ගැටළු විසඳීමේ මාර්ගයක් ලෙස සලකන ලබයි.

ඉන්දියාවේ ජෛව ආර්ථිකය 2025 වන විට ඩොලර් බිලියන 150 දක්වා සහ 2030 වන විට ඩොලර් බිලියන 300 දක්වා ළඟා වනු ඇති බවට ඉන්දියාවේ 2022 ජෛව ආර්ථික වාර්තාව ප්‍රකාශයට පත් කරණ ජෛව තාක්‍ෂණ කර්මාන්ත පර්යේෂණ සහය කවුන්සිලය ද අනාවැකි පළ කළේය.

එම වාර්තාවට අනුව, ඉන්දියාව 2021 දී ජෛව ආර්ථිකයට ඩොලර් බිලියන 80.12 ක් එකතු කරන අතර දිනකට ඩොලර් මිලියන 219 ක් නිෂ්පාදනය කරයි. පර්යේෂණයට අනුව රටේ ජෛව ආර්ථිකය, 2020 දී ඩොලර් බිලියන 70.2 සිට 2021 දී ඩොලර් බිලියන 80 දක්වා 14.1% කින් වර්ධනය වී ඇත.