ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියාවේ කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයනය 2021-22 මූල්‍ය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වත්මන් මූල්‍ය වර්ෂයේ (අප්‍රේල්-සැප්තැම්බර් 2022-23) පළමු මාස හය තුළ 25% කින් ඉහළ ගොස් ඇත.

ඉන්දියාවේ පලතුරු සහ එළවළු, ධාන්‍ය වර්ග, පශු සම්පත් සහ සැකසූ ආහාර අපනයනයේ ඉහළ යාමක් දක්නට ලැබුණි. ඉන්දීය වාණිජ බුද්ධි හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙම කරුණ සනාථ වේ.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාවේ කෘෂිකාර්මික හා සැකසූ ආහාර අපනයන සංවර්ධන අධිකාරියේ මුළු භාණ්ඩ අපනයනය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 11056 සිට 2022 සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 13771 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් කරයි.

වත්මන් මූල්‍ය වර්ෂයේ මාස හයක් ඇතුළත, කෘෂිකාර්මික හා සැකසූ ආහාර අපනයන සංවර්ධන අධිකාරිය හරහා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම් 2022-2023 වසර සඳහා එහි සමස්ත අපනයන ඉලක්කයෙන් 58%ක් කරා ළඟා වීමට ජාතියට සහාය වී ඇත.

2022-23 සඳහා කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන භාණ්ඩ පැස සඳහා කෘෂිකාර්මික හා සැකසූ ආහාර අපනයන සංවර්ධන අධිකාරිය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 23.56 ක අපනයන ඉලක්කයක් නියම කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව, සකසන ලද පළතුරු සහ එළවළු (2022 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා) 42.42% ක සැලකිය යුතු වර්ධනයක් ඇති බව මූලික දත්ත අනාවරණය කරයි, නැවුම් පලතුරු පෙර වසරේ එම මාසවලට සාපේක්ෂව 4% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එසේම, පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව ධාන්‍ය වර්ග සහ වෙනත් සමාන ද්‍රව්‍ය වැනි සැකසූ ආහාර ද්‍රව්‍ය 29.36% ක වර්ධනයක් ලබා ඇත.

මස්, කිරි සහ කුකුළු නිෂ්පාදන අපනයනය සියයට 10.29 කින් ඉහළ ගොස් ඇත. තවද වත්මන් මූල්‍ය වර්ෂයේ මාස හයක් තුළ අනෙකුත් ධාන්‍ය වර්ග අපනයන සියයට 12.29 ක වර්ධනයක් වාර්තා කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්