ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 3 දක්වා නාවික හමුදාපතිවරුන්ගේ සමුළුව- 2022 හි දෙවන අදියර ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය නාවික හමුදාව විසින් සිදු කරන ලද ප්‍රධාන මෙහෙයුම්, ද්‍රව්‍ය, සැපයුම්, මානව සම්පත් සංවර්ධන, පුහුණු සහ පරිපාලන ක්‍රියාකාරකම් මෙම සමුළුව අතරතුර, ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානියා විසින් සමාලෝචනය කරනු ඇත.

කලාපයේ භූ මූලෝපායික තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාවේ සූදානම පිළිබඳව ද මෙම සමුළුව තුළදී අවධානය යොමු කරනු ඇත.

නාවික හමුදාපතිවරුන් සමඟ සැලකිය යුතු ක්‍රියාකාරකම් සහ මුලපිරීම් සඳහා අනාගත සැලසුම් තවදුරටත් සාකච්ඡා කරනු ඇත යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමුළුව අමතනු ඇති අතර ඔහු ජාතික ආරක්ෂාවට අදාළ ගැටළු පිළිබඳව නාවික හමුදාපතිවරුන් සමඟ සංවාදයක නිරත වනු ඇත.

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ඉන්දීය යුද හමුදාවේ සහ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානීන් නාවික හමුදා ප්‍රධානීන් සමඟ පොදු මෙහෙයුම් පරිසරයට අනුව ත්‍රිවිධ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ආයතනික පරිසරයක් තුළ මිලිටරි-උපායමාර්ගික මට්ටමින් තීරණාත්මක සමුද්‍ර ගැටලු විවාද කිරීමට නාවික හමුදා ප්‍රධානීන්ට අවස්ථාවක් ලබා දෙන බවයි.

ඉන්දියානු සාගර කලාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් කලාපවල ආරක්ෂක අවශ්‍යතාවල ඉක්මන් දියුණුව හේතුවෙන් මෙම සමුළුව වැදගත් වේ.

ඉන්දියානු නාවික හමුදාවේ ‘වඩාත් කැමති ආරක්ෂක සහකරු’ ලෙස ස්ථාවරය ද මෑත කාලයේ දී වර්ධනය වී ඇත.ඉන්දියානු නාවික හමුදාව ඉන්දියාවේ නැඟී එන සමුද්‍රීය අවශ්‍යතාවලට අනුකූලව ව එහි මෙහෙයුම් කාර්ය භාරයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ සහ ඉන් ඔබ්බෙහි පවතින අවිනිශ්චිත භූ උපාය මාර්ගික තත්ත්වයන් හේතුවෙන් මතුවන සියලුම සමුද්‍ර ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට ඉන්දීය නාවික හමුදාව සූදානමින් සිටින බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්