ඉන්දියාව සහ තුර්කිය අතර මුල්‍ය වර්ෂ 2021-22 අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති බව විස්තීර්ණ සමාලෝචනයක් සිදු කරමින් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසූහ. දෙරට අතර වාණිජ සබඳතා වර්ධනය වීමත් සමඟ මෙම කඩඉම පසු කොට ඇත යැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියාව සහ තුර්කිය අතර අන්කාරා හි පැවති විදේශ කාර්යාලීය උපදේශන 1 වැනි වටයේදී දෙපාර්ශවය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. යුක්රේනය සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම මුල්‍ය වර්ෂ 2021-2022 දී ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්ම වීය.එමෙන්ම දෙරට අතර වාණිජ සබඳතා වර්ධන වන ආර්ථික පසු පසුබිමක් පෙන්නුම් කෙරිනි. මෙම වර්ධනය දෙපාර්ශ්වයම අගය කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු සමාගම් ටර්ලිගේ මෝටර් රථ, ඖෂධ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල සිටින අතර තුර්කියේ සමාගම් ඉන්දියාවේ යටිතල පහසුකම් සහ ඉංජිනේරු අංශවල සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි

ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සුදුසු අයුරින් සැමරීමට ද ඔවුහු තීරණය කළහ.දෙපාර්ශ්වයම ආර්ථික, සංස්කෘතික සහ ජනතාව අතර සබඳතා තවදුරටත් පවත්වාගෙන යාමට එකඟ වූ බව” අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා අවංකභාවයෙන් යුත් වාතාවරණයක මෙම සාකච්ජා පැවැත් වුණි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ බටහිර කටයුතු භාර ලේකම් සංජය වර්මා සහ තුර්කි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙඩත් නාල් යන මහත්වරු මෙම සාකච්ඡාවල සම මුලසුන දැරූහ.මීළඟ රැස්වීම් වටය ලබන වසරේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි දිනවල ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්