මේ ඉන්නල සිටුවන කාලයයි – හරියට වැවුවොත් සරු ආදායමක් ගන්න පුළුවන්

Spread the love

ඉන්නල අලවල ඇත්තේ ග්ලයිසෙමික් දර්ශකය මධ්‍යස්ථ තත්වයේ ඇති පිටි වර්ගයකි. එනම් අනුභව කළ පසු රුධිරයට සීනි නිදහස් කරන්නේ තරමක් හෙමින්ය. මේ නිසා දියවැඩියා තත්වය පවතින පුද්ගලයින්ට ඉන්නල හොඳ ආහාරයකි.

ගෝලාකාර ප්‍රභේදය පාරිභෝගිකයින් අතර ජනප්‍රිය නිසා බිනරි‘ තෝරා ගන්න‍

දියවැඩියා තත්ත්වය පවතින පුද්ගලයින්ට ඉන්නල හොඳ ආහාරයක්

මීට දශක කීපයකට උඩදී ගමේ ගෙවල් වල ඉන්නල පිසිනු ලැබුවේ පරණ මල්ලක් වැනි දෙයක බහා රෙදි අපුල්ලන ආකාරයට කීපවරක් පොළොවේ දමා ගැසීමෙන් අනතුරුවය. අද මෙන් ලොකු ඉන්නල අල එදා තිබුණේ නැත. ලොවි ගෙඩි තරම් වූ එම ඉන්නල එකින් එක පොතු හැරීමද ප්‍රායෝගික නොවන නිසා ගෘහනියන් තෝරාගෙන තිබුනේ ඉහත ක්‍රමවේදයයි.

කීප වරක් මෙසේ පොළොවේ ගැසීම නිසා එකිනෙක ගැටෙන ඉන්නල අල වල පොතු සියල්ල ගැළවී යයි. දැන් කළ යුත්තේ සෝදා පිරිසිදු කරගැනීම පමණි. ඒවා පිසිනු ලබන්නේද ගෙඩි පිටින්මය. එහෙත් අද ඉන්නල ප්‍රමාණයෙන් විශාල නිසා පිහියකින් පොතු සූරාදැමීමත්, ඇතැම් අල, කැබලි තුන හතරකට කැපීමත් කළ යුතුව තිබේ.

ඉන්නල අල වර්තමානයේදී ලොකුවට සෑදීම ශාකය විසින් අමුතුවෙන් අත්කරගත් ජයග්‍රහණයක් නොවේ. පැරණි ගොවියා තමා දන්නා සිරිතට අනුව ඉන්නල වගාව පවත්වාගෙන ගියා මිස එහි වගා තාක්ෂණයක් ගැන උනන්දු වූයේ නැත. මන්දයත් එදා සිටම ඉන්නල වනාහී ඌන අවධානයකට හසුවූ බෝගයකි.

70 දශකයෙන් පසු කෘෂි විද්වතුන් විසින් රට තුල විසිරී පවතින ඉන්නල ප්‍රභේදයන් ගැන හදාරමින්, වැඩි හා ගුණාත්මක අස්වැන්නක් ලබාගැනීම සඳහා කරණ ලද පර්යේෂණ වල අනාවරණයන් වගාකරුවන් වෙත කාන්දුවීමේ ප්‍රතිපලයක් ලෙසින් අද වනවිට ලොකු ඉන්නල අල බිහිවෙන වටාපිටාවක් සකසා ගන්නට වගාකරුවන් සමත්වී තිබේ. 

ඉන්නල අල වර්තමානයේදී ලොකුවට සෑදීම ශාකය විසින් අමුතුවෙන් අත්කරගත් ජයග්‍රහණයක් නොවේ. පැරණි ගොවියා තමා දන්නා සිරිතට අනුව ඉන්නල වගාව පවත්වාගෙන ගියා මිස එහි වගා තාක්ෂණයක් ගැන උනන්දු වූයේ නැත. මන්දයත් එදා සිටම ඉන්නල වනාහී ඌන අවධානයකට හසුවූ බෝගයකි.

ඉන්නල අන්තර්ගත ශාක කුලය හැඳින්වූ පැරණි නම වන්නේ ලැබියේටේ (Labiatae) වුවද අද එම කුලය ලැමියේසේ (Lamiaceae) වශයෙන් හැඳින්වේ. සරලව කියනවානම් ‘මින්ට්‘ කුලය යනු මෙයයි. අන්තර්ගත සාමාජිකයින් බොහොමයක් දෙනා සුවඳ සහිත සංයෝග නිපදවන්නෝය. එවන් නෑදෑයින් පිරිවරාගෙන සිටියත් මිනිසාට ආහාරයක් ලෙස අල නිපදවන්නට හැක්කේ ඉන්නල වලට පමණය. අප රම්පේ, කරපිංචා භාවිතා කරන්නා සේ බටහිර වැසියෝ මින්ට් කුලයේ පැලෑටි රාශියක් ආහාර සුවඳවත් කිරීම සඳහා භාවිතා කරති. බැසිල්, රෝස්මෙරි, සේවරී වැනි දෑ ඊට උදාහරණය.

ඉන්නල ශාකයේ වායව කඳ හා පත්‍ර වලත් මෙවැනි ආවේනික සුවඳ සංයෝග අන්තර්ගත වුවද අපගේ ආහාර රුචිකත්වයට ඒවාහි ගැලපීම හෝ භාවිතා කළහැකි ආකාරය ගැන තවම සොයාබැලීමක් කල බවට වාර්තා නොමැත. එහි භාවිතය හා ප්‍රයෝජන පිළිබඳව නිශ්චිත තොරතුරක් තිබුණානම්, දඬු හා කොළ වෙනුවෙන් හෝ දිවයිනේ සුදුසු පළාත්වල වසර පුරාම ඉන්නල වගාවද පවතින්නේය.

අප එසේ කියන්නේ ඉන්නල අල නිපදවීම සිදුවන්නේ වසරේ ජනවාරි සිට ඉදිරියට පවත්නා මාස කීපයක් තුළ පමණක් වීම නිසාය. එනම් මේ ඉන්නල සිටුවන කාලයයි. මෙයට මාස කීපයකට කලින් ඉන්නල දඬු සිටුවා තිබුනත් අල එරෙන ජනවාරිය තෙක් කොළ හා දඬු පමණක් නිපදවමින් ශාකය වර්ධනය වන අතර අල පිරෙන්නට පටන් ගන්නේ ජනවාරියේ සිටයි.

වෙළඳපොළට පෙබරවාරියේ සිට මාස කීපයක් යනතෙක් අලෙවිය සඳහා ඉන්නල පැමිණ, ඉන්පසු නතර වන්නේද නිශ්චිත කාල වකවානුවකට පමණක් සීමාවෙන මෙම අල එරීමේ රටාව හේතුවෙනි. වෙනත් ආකාරයකට කියනවානම් යල කන්නයට සිටුවන බෝගයේ ජීවන ප්‍රවෘත්තිය, මහ කන්නයේ සිටුවන බෝගයට වඩා දිගය. දෙකෙන්ම අස්වැන්න ලැබෙන්නේ එකම කාලයකදී බැවින්ද, යලට සිටුවන බෝගයේ සරු කොලදාවෙන් ගන්නා ප්‍රයෝජනයක් හඳුනාගෙන නොමැති බැවින්ද, භූමියේ කාර්යක්ෂම උපයෝගිතාවය වෙනුවෙන් ඉන්නල සිටුවිය යුත්තේ මහ කන්නයේදී බව මේ අනුව පැහැදිලිවේ.

අලෙවිකරගත නොහැකිව ඉතිරිවූ කුඩා ඉන්නල අල, තවාන වෙනුවෙන් භාවිතා නොකරන්න. වටපණු ආසාදනය හේතුවෙන් අක්‍රමවත්ව කඩතොලු සෑදී නැති, මධ්‍යම ප්‍රමාණයේ නිරෝගී අල යොදාගෙන තවාන්දමා ඉන් බිහිවෙන රිකිලි සිටුවීමට භාවිත කරන්නේ නම් ඉන් ලැබෙන අස්වැන්නද සරුසාරය.

ඉන්නල වගාව කළ යුත්තේ කෙසේද ?

ඉන්නල වනාහී දැඩි උෂ්ණත්ව පරාසයන් විඳ දරාගත නොහැකි බෝගයකි. මේ නිසා ඉතා සිසිල් කඳුකරයේද, දැඩි උණුසුමක් සහිත වියලි කලාපයේද වැවීමෙන් ඉහළ ප්‍රතිපල ලබා නොදෙයි. අතරමැදි හා පහතරට තෙත් කලාපය වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ ඒ හේතුවෙනි. රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගත යුත්තේ දඬු කැබලි වන අතර, වගාව සිටුවීමට බලාපොරොත්තු වන දිනට මාසයකට පමණ පෙර, අල තවාන් දමා ඉන් බිහිවෙන දඬු කැබලි, සිටුවීමට යොදා ගත හැකිවේ.

කලින් ලිපිවලදී වැල්අල සහ ගහල වෙනුවෙන් පැවසූ පරිද්දෙන්ම අල තුලින් මතුවෙන රිකිලිවල සවිමත්භාවය අස්වැන්න ලෙස ලැබෙන අලයේ විශාලත්වයට කෙරෙන බලපෑම මෙතැනදීද ක්‍රියාත්මක වන නිසා, ආරම්භක ජවය වැඩි වගාවක් ස්ථාපනය කිරීමට නම්, අලෙවිකරගත නොහැකිව ඉතිරිවූ කුඩා ඉන්නල අල, තවාන වෙනුවෙන් භාවිතා නොකරන්න. වටපණු ආසාදනය හේතුවෙන් අක්‍රමවත්ව කඩතොලු සෑදී නැති, මධ්‍යම ප්‍රමාණයේ නිරෝගී අල යොදාගෙන තවාන්දමා ඉන් බිහිවෙන රිකිලි සිටුවීමට භාවිත කරන්නේ නම් ඉන් ලැබෙන අස්වැන්නද සරුසාරය.

තවානක් වෙනුවෙන් මූලිකව වැයකළ යුත්තේද කෑමට ගතහැකි අල බැවින් එය පිරිමසාගැනීම සඳහා වගාව ස්ථාපනය කොටස් වශයෙන් කළ හැකිය. මෙහිදී සීමිත අල ප්‍රමාණයක් තවාන් දමා, පළමුව බිහිවෙන රිකිලි කඩා වගාව ලෙස භූමියේ සිටුවනවාට අමතරව, රිකිලි කොටසක් නැවත තවානක සිටුවා පසුව ගොඩනැගෙන වගාවක් උදෙසා රිකිලි රෝපණ ද්‍රව්‍ය නිපදවා ගැනීමද කළ හැකිවේ. සිටුවීමේ කාල වකවානු ඉක්මවීමට පෙර මෙය කීප වරක් වුවත් කළ හැකි දෙයකි. 

පොහොර සහ සාත්තුව

පාත්තියක උස පොලොව මට්ටමේ සිට අඟල් අටක් පමණ වීම සෑහේ. ගොම, කුකුල් පොහොර, කොම්පෝස්ට් වැනි කාබනික දෑ ආරම්භක බිම් සැකසීමේදීම මිශ්‍ර කරගන්න. එක වලකට රිකිලි දෙක තුනක් බැගින් අඟල් අටක පමණ පරතරයකින් සිටුවා, පසට හොඳින් ජලය දමා, පිදුරු, පොල් අතු වැනි වැස්මකින්ද වසා මුල් අදිනා තෙක් රිකිලි ආරක්ෂා කරගත යුතුවේ. දම් පැහැ මල් කිනිත්තක් එන අවධියේදී ඉන්නල ශාකයේ අල පිරීමද ඇරඹෙන නිසා එම කාලයට ගස මුලට හොඳින් පස් දමා වැඩෙන අල ආවරණය කළ යුතුය. මල් පිපුනත් මේවාහි බීජ සෑදෙන බවක් නොපෙනේ. එනම් ශාකය ප්‍රචාරණය වනුයේ වර්ධක කොටස් වලින් පමණි.

අප පෙරදී සාකච්ඡා කල මඤ්ඤොක්කා සහ බතල යන දෙවර්ගයත් ගොවීන් අතර ප්‍රචාරණය කෙරෙන්නේ දඬු කැබලි වලින් වුවත්, පුෂ්ප පරපරාගනය වී, මව්පිය ලක්ෂණ මිශ්‍රවී බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ සිදුවෙන ලිංගික ප්‍රජනනයක්ද ඒවාට ඇත. ගොවීන් අත නොගැසුවත්, ස්වභාවිකව සිදුවෙන මෙම ක්‍රියාවලිය හරහා විවිධ මාදිලි බිහිවෙන නිසා එම බෝගවල විවිධත්වයක් පරිසරයේ තිබේ. නමුත් ලිංගික ප්‍රජනනය අහිමිවීමේ පාඩුව නිසා ඉන්නල බෝගයට මෙම විවිධත්වය නැත.

වගා ක්ෂේත්‍රයේ දකින්නට ඇත්තේ ‘දිගැටි’ හා ‘ගෝලාකාර’ වශයෙන් ප්‍රධාන අල ප්‍රභේද දෙකක් සහිත ඉන්නල පමණය. මේ අතරින් ගෝලාකාර ප්‍රභේදය පාරිභෝගිකයින් අතර ජනප්‍රිය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ‘බිනරි’ යන නමින් එය නිර්දේශ කර තිබේ. එය නිලධාරීන් විසින් බිහිකළ වර්ගයක් නොව රටේ පවතින ප්‍රභේද විශ්ලේෂණය කිරීමෙන් තෝරාගත් වර්ගයක් පමණි.

ඉන්නල අලවල ඇත්තේ ග්ලයිසෙමික් දර්ශකය මධ්‍යස්ථ තත්වයේ ඇති පිටි වර්ගයකි. එනම් අනුභව කළ පසු රුධිරයට සීනි නිදහස් කරන්නේ තරමක් හෙමින්ය. මේ නිසා දියවැඩියා තත්වය පවතින පුද්ගලයින්ට ඉන්නල හොඳ ආහාරයකි.

ඉන්නලවල රුව ගුණ වරුණ

ඉන්නල අලවල ඇත්තේ ග්ලයිසෙමික් දර්ශකය මධ්‍යස්ථ තත්වයේ ඇති පිටි වර්ගයකි. එනම් අනුභව කළ පසු රුධිරයට සීනි නිදහස් කරන්නේ තරමක් හෙමින්ය. මේ නිසා දියවැඩියා තත්වය පවතින පුද්ගලයින්ට ඉන්නල හොඳ ආහාරයකි.

ඉන්නල අඩංගු ශාක කුලයේ සිටින සාමාජිකයින්ට ආවේනික ලක්ෂණයක් වූ විවිධාකාර රසායනික සංයෝග අන්තර්ගතවීම මෙම අල බෝගයටත්  පොදු ලක්ෂණයක් වන අතර, මෙම සංයෝග සුළු සාන්ද්‍රනයන්ගෙන් ශරීර ගතවුවත්, සිරුර තුලදී විවිධ මෙහෙයන් ඉටුකරයි. ප්‍රතිශක්තිකරණය, කොලෙස්ටරෝල් පාලනය වැනි නවීන සමාජය නිතරම ඉල්ලා සිටින සේවයන් ඉන්නල අලයෙන් ලබාගත හැකිබව දැනගන්නට ලැබීමත් මේ දිනවල සතුටට හේතුවක් වනු නොඅනුමානය. එහෙත් ඒ පිලිබඳ නිශ්චිත අධ්‍යයනයන් තවම සිදුවී නැත.

පළිබෝධ හානි ගැන දැනුවත් වෙමු

ඉන්නල වගාවට බලපාන ප්‍රධාන පළිබෝධකයෙක් වන්නේ වටපනුවායි. මොවුහු මූල පද්ධතියට ඇතුළුව, එහි ගැටිති සාදමින් ශාකය තුල සිදුවන ද්‍රව්‍ය පරිවහනයට බාධා පමුනුවන නිසා ශාකය කුරුවී වර්ධනය අඩාල වේ. අල පිරෙන පසු අවධියකදී අසාදනය සිදුවුවත්, සෑදෙන අල ගැට සහිත අක්‍රමවත් හැඩැති ඒවා වන නිසා වෙළඳ වටිනාකමද අඩුය. ගැලවීමේදී හානි සිදුවන බැවින් අල කුණුවී පසු අස්වැනු හානියද ඉහළය.

මේ නිසා ඉන්නල සිටුවන භූමියේ වටපණු මර්දනය කිරීම සැලකියයුතු අවශ්‍යතාවයකි. අමු කුකුල් පොහොර සිටුවීමට සති දෙකකට පමණ පෙර භූමියට දමා මිශ්‍ර කිරීමෙන් එහි ඇති ‘සැර’ නිසා වටපනුවන් මැරී යයි. කාබනික පොහොර වැඩිපුර යෙදීමද හොඳ ප්‍රතිකර්මයකි. ඒ හරහා පාංශු වටපනුවන්ට හානිකර ජීවී ගහනයක් පරිසරයේ නිර්මාණය වී වටපණු ක්‍රියාව අඩපණ වේ. මීට අමතරව එකම භූමියක නැවත නැවත ඉන්නල වගා නොකර බෝගමාරු ක්‍රමවේදය හරහාද වටපනුවන් පාලනය කල හැකිවේ.

පත්‍ර කහ පැහැයට හැරී වියළීයාම අල මෝරා ඇති බව සංකේතවත් කරන සංඥාව වේ. ලොකුවට පාත්ති නොදැම්මත්, හිස් පොහොර උරයක්, බැරල් බාගයක් වැනි දෙයක වුවද ඉන්නල වගාකළ හැකිය. පඳුරකින් කිලෝවක පමණ අස්වැන්නක් ලැබෙන නිසා අල එරෙනා කාලයට ප්‍රයෝජනයට ගන්නට උර දෙක තුනක ඉන්නල සිටුවා ඔබටත් මෙම අත්දැකීම පහසුවෙන් ලබාගත හැකිවේ. ඉන්නල පිටි එතරම් පහසුවෙන් මිනිස් සිරුර තුලදී ජීර්ණය නොවේ. එබැවින් අනෙක් අල මෙන් ප්‍රධාන ආහාරයකට විකල්පයක් ලෙස මෙය අනුභවයට ලාංකිකයා පුරුදු වී නැත. එහෙත් මෙය අමතක කල නොහැකි රසවත් ව්‍යංජනයක් නම් වේ.

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

RSL

Related Posts