ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඇයි ? එරාන්ට ඇති සැකය කුමක්ද ?

Spread the love

ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මැතිවරණය කල් දැමීමට දැයි සැකයක් මතු වෙනවා – ඉරාන් වික්‍රමරත්න

ජනාධිපතිවරණය පිළිබඳව නීති ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අවුල් සහගත තත්ත්වයක් නොතිබියදී මේ මොහොතේ අනවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම ජනාධිපති මැතිවරණය කල් තැබීමට දැයි  ජනතාව තුළ මෙන්ම නීතිශේත්‍රයේ සිටීආන අය තුළද  සාධාරණ සැකයක් හටගෙන තිබේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ගැනීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්ඥා පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ස.ජ.බ. පාර් ලිමේන්තු මන්ත්‍රී මෙසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය

විශේෂයෙන්ම ජනාධිපතිවරණය ළං වෙලා තියෙන මේ වෙලාවේ මේ ව්‍යාකූලත්වය ඇති කරන්නේ ඇයි කියලා මම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. අපි කවුරුත් දන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපති ධුර කාලය වසර පහක් බව ඔහු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සහ අනවශ්‍ය වාද විවාද ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම නිශ්චිත වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැත.

නීතිය ක් අනිවාර්යයෙන්ම සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක කළ යුතුයි එහිදී ම ඉහළ ස්ථාරයේ සිටින අයට එක් විදිහටත් පහළ ස්ථරයේ සිටින්නන්ට තවත් විදිහකටත් අපේ රටේ

නීතිය ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාන් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියේ ජනාධිපති දූර කාලය ේ වසර හයක් බව පැහැදිලිව සඳහන් කර තිබේ. දහනම වන සහ විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර පහක් යයි සඳහන් කර තිබියදීත් අවිනිශ්චිතභාවයට තුඩු දුන් අදාළ තිස්වන වගන්තිය  සංශෝධනය නොකළේ ඒ සඳහා ජන මත විචාරණයක් කින් මහජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු වන බැවිනි.

වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දෙපාර්ශවය තමන්ට ත් ඉදිරියේදී ජන වරමක් ලැබේවි දැයි යන සැක සාංකාව හේතුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් නොකරමින් සිටිති.

මෙම සංදර්භය මත ක් ජනාධිපතිවරණය පිළිබඳව අවුල් සහ අවිනිශ්චලතභාවයක් කරනු වස් මෙම වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව රජයේ පාර්ශ්වයන් විවිධ අවස්ථාවන්හිදී ම තුන්වතාවක්ම ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. අවසන් වරට  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මූලික අයිතිවාසිකම් පනත යටතේ විමසූ විට එම පෙත්සම  නිෂ්ප්‍රභා කළා පමණක් නොවේ එම පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයාට එරෙහිව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපති වරයාගේ දූර කාලය පිළිබඳ ව සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු නම් අනිවාර්යෙන්ම එය ජනමත විචාරණයකට ලක් කළ යුතු වෙනවා. කිසිදු අවශ්‍යතාවයක් පැන නො නගින මේ අවස්ථාවේදී ජනාධිපති දුර කාලය පිළිබඳ ව තිබෙන්නා වූ අවිනිශ්චිත ප්‍රතිපාදනයක් අලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන මුවාවෙන් ජනාධිපතිවරණයක් කල් තැබීමේ කූට උපායක යින් රජය නිරත වී සිටින්නේ දැයි සාධාරණ සැකයක් හට ගෙන තිබේ.

අවශ්‍යතාවයක් වුවහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට අය වැයෙන් මුදල් වෙන් කර තිබෙන බවට රජයේ පාර්ශ්වයෙන් අමාත්‍යවරු  කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ. පළාත් පාලන මැතිවරණයටද අය වැයෙන් මුදල් වෙන් කර තිබියදී පවා නාම යෝජනා කැඳවීමෙන් පසුවද රජය එම මැතිවරණය නොපවත්වා  සිටින්නේ යයි වික්‍රමරත්න මහතා රජයට චෝදනා කළේය. ජනාධිපති ප්‍රමුඛ මෙම රජය විවිධ ප්‍රකාශ හා පොරොන්දු

වෙන මෙවැනි දුෂණ හා සොරකම් වලට ජනාධිපතිවරයා ඉඩ දී තිබීම ලජ්ජා සහගතයි.වත්මන් ජනාධිපතිතුමාට සිය ධූරයේ ඉටුකිරීමට බොහෝ  කටයුතු  ඉතිරිව තිබෙන නමුත් එම බැඳීම් පිළිබඳ පොරොන්දු දෙනවා විනා ශ ඉටුකරන්නේ නැත. දැන් ජනමත විචාරණයක් පිළිබඳව කතාබහ කලද මුලදී පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරණය නොපැවත් වීමට හෝ කාලය දීර්ඝ කිරීමට තිරෙන් පිටුපස විවිධ උත්සාහ දැරුවා.

අපගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ බලයේ සිටින පක්ෂයට ඕනෑ විදිහට දේශපාලන හා රාජ්‍ය පාලනයේ ව්‍යූහයන් වෙනස් කළ ඉතිහාසයක් තිබෙනවා. 1970 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 151යි. පසුව එය 168 ට  වැඩි කළා. පළාත් සභා ්‍රමය හඳුන්වාදීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඝයාව අඩුකළ යුතුව තිබුනි ද  එය 225 දක්වා ම වැඩි කළා. බලයේ සිටින රජයේ මන්ත්‍රීවරු  තමන්ට ඕනෑ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකරන්නටත් පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමටත් හැකි යැයි සිතනවා. එහෙත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොවෙයි.

Related Posts