
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළදී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේදී වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම දිනයේදී ජාතික දෙහිවල සත්වෝද්‍යානය විසින් ලබා ඇති මුළු ආදායම රුපියල් 5,080,377 ක් බවයි සඳහන් වන්නේ.
මීට සමගාමීව අනෙකුත් සියලුම සත්ත්ව උද්‍යානවලින්ද මෙතෙක් එක් දිනයකදී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේදී ලබාගැනීමට හැකි වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.