හමුදාව හැර ගොස් සිටි 9932ක් පොදු සමා කාලයේදී භාර වෙයි

Spread the love

හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කළ සතියක පොදු සමා කාලය තුළ ති‍්‍රවිධ හමුදා සේවය හැර ගොස් සිටි නිලධාරීන් 13 දෙනෙකු සමඟ සෙසු නිළයෙන් 9919 දෙනකු බාර වු බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසුවා.

මෙම පොදු සමා කාලය පෙබරවාරි මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා ප‍්‍රකාශයට පත්කර තිබූ අතර එම එම කාලය ඊයේ (12) අවසන් වුණා.

නැවත භාර වූවන් අතර යුද හමුදාවේ නිලධාරීන් 7 දෙනකු සමග සෙසු නිළයන් 8005 දෙනෙක් ද, නාවික හමුදාවේ 773 දෙනෙක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 6 දෙනකු සමග සෙසු නිළයන් 1141 දෙනෙක් ද සිටින බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසුවා.

මෙම පිරිසෙන් බොහෝ දෙනෙකු නැවත හමුදා සේවය එක් වු බවයි මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේ.

මෙම කාලය තුළ නිසි ප‍්‍රචාරය ලබා දෙමින් පිරිස ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කි‍්‍රයා කළ සියලූ මාධ්‍ය ආයතන වෙත හා මෙම පිරිස යළිත් හමුදා සේවයට වාර්තා කිරීමට දිරිගැන් වු ඔවුන්ගේ ඥාතීන්ට ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගූණරත්න මහතා සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් සිය ස්තූතිය පල කර තිබෙනවා.

RSL

Related Posts