සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සුපිරි වැඩකට සූදානම් !

Spread the love

සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සත්‍යමේවා ජයතේ 2 (Satyameva Jayate 2) සඳහා සූදානම් වන බව බොලිවුඩ් වාර්තා කියනවා. මෙම චිත්‍රපටය දින 90 කින් මුම්බායි හි සැබෑ ස්ථානයක රූගත කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද වුණා. 

Satyameva Jayate 2 හි අධ්‍යක්ෂ සහ තිර රචක මිලාප් සැවේරි (Milap Zaveri)  තම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඒබ්‍රහම්ගේෙ භූමිකාව ගැන පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබුණා.

“ Satyameva Jayate 2 ජෝන් සුපිරි වීරයෙකු හා සමාන යි. ඔහු මීට පෙර කවදාවත් නොකළ දේවල් කරයි. නිදසුනක් වශයෙන්, හල්ක් මෙන් ටයරයක් හෝ දොරක් ඉරා දමන්න. ”

මෙම චිත්‍රපටයේ ජෝන් ත්‍රිත්ව චරිතයක් රඟපානු ඇති බවට සැකයක් තිබෙනවා.

මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී ජෝන් පැවසුවේ “මිලාප් තවමත් ඇතැම් චරිත සංවර්ධනය කරමින් සිටිනවා. මා වෙනුවෙන් වෙනත් චරිත ද නිර්මාණය කිරීමටත් ඔහු සූදානම් වෙමින් සිටිනවා. නමුත් එය තවමත් අවසන් තීරණයක් නැති කරුණක්. ඉතින්,Satyameva Jayate 2 හි මා කොපමණ චරිග ගණනක් නිරූපණය කරාවිද යන්න තවම කිව නොහැකයි ”

ජෝන් ඒබ්‍රහම්

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts