![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/09/teenage-students-in-classroom-141090063-5a653ed40c1a8200366bdd66-790x474.jpg)
ආහාර නොමැතිවීම හේතුවෙන් කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.
ඒ අනුව කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ සඳහන් කරන්නේ දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක නොමැති බවයි.
එම කොට්ඨාසයේ එක් පාසලක දෛනිකව 52% ක් 54% ක් පමණක් පාසල් පැමිණෙන බවත් දරුවන්ට උදෑසන ආහාරය නොමැති නිසා ඔවුන් පාසල් නොපැමිණෙන බවයි ඇය සඳහන් කළේ.