සියළු ප්‍රශ්ණ මනුශ්‍යත්වය තුලින් විසඳිය හැකියි ජනපති,අගමැති නත්තල් දින පණිවුඩ

Spread the love

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකිනෙකට මුණගැසෙන අපූර්ව සංදිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුළ මානව ඉතිහාසයේ සුවිශේෂි භූමිකාවක් හිමිකරගෙන සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල් බැසගෙන පැවැති සමයක බව පෙන්වා දෙන ජනාධිපතිවරයා දේව වරමක මහිමය හිස දරා සිටිය ද උන් වහන්සේ එම දුර්ගුණයන් මැඩලීම සදහා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කරනු ලැබුවේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට අත්විදිමට සිදුවිය හැකි සියලු උවදුරුවලට මැදිවෙමින් බව ද සඳහන් කළේය.

අද ලෝකය ඉදිරියේදී ඇති දැවැන්ත අභියෝග පිළිබඳ සලකා බැලීමේදී අප ඊට විසදුම් සොයා යා යුතු මග ඒ තුළ මැනවින් සනිටුවන් කර ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එනම් මනුෂ්‍යත්වය මුල් කර ගනිමින් සියල්ලටම විසදුම් සොයා ගත හැකි වනු බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මේ අතර නත්තල් උත්සවය කිතුනු ජනතාව පමණක් නොව වාර්ගික ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන් සමරණ සංස්කෘතික උත්සවයක් බවට පත්ව ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපද වන බව ශුද්ධ වූ බයිබලයෙහි සදහන් වන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අප සැම අරමුණූ කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කිරිම බව අග්‍රාමාත්‍යවරයා සිය නත්තල් දින පණිවුඩය මගින් පෙන්වා දී ඇත.

RSL

Related Posts