ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය අද

Spread the love

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (18) ගීලෝන් හිදී පැවැත්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර 2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් නෙදර්ලන්ත කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරඟයේ සජීවී තොරතුරු එසැණ හරහා ගෙන ඒමට මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.

Related Posts