ඉන්දීය රජයේ අනුග්‍රහය ඇතිව 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වෛද්‍ය සැපයුම් ඉන්දියා ලබා දී ඇත.

නිදහසින් පසු උග්‍ර ආර්ථික අර්බුදයකින් හා ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් බැට කමින් සිටින ශ්‍රී ලංකාවට ආධාර කීරීමේ ඉන්දියානු කැපවීම යටතේ මෙම ආධාර තොගය දූපත් දිවයිනට ලබා දී ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී සුවසැරිය ගිලන් රථ සේවය මුහුණ දෙන ඖෂධ හිඟය පිළිබඳ ඔහුට දැනුම් දෙන ලදී.සිකුරාදා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සුවසැරිය ගිලන් රථ සේවාව මුහුණ දෙන ඖෂධ හිඟය පිළිබඳ ජයශංකර් ගේ සංචාරයේදී ඔහුව දැනුවත් කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම ඖෂධ තොගය ලබා දුන් බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ වන විට ටොන් 3.3 කට අධික වෛද්‍ය සැපයුම් ප්‍රමාණයක් ලබා දී ඇත.

මෙම ආධාරය ඉන්දියාව පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ශ්‍රී ලංකා රුපියල් මිලියන 370ක වෛද්‍ය ආධාරවල කොටසක් බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

සුව සැරිය ගිලන්රථ සේවාව 2016 දී ආරම්භ කරන ලද්දේ ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක අරමුදල් වලින් ය. දැනට ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල ක්‍රියාත්මක වන මෙම සේවාව කොවිඩ්-19 වසංගතයට එරෙහි රටෙහි සටනේදී තීරණාත්මක සේවාවක් ඉටුකළ සුවසැරිය සඳහා ඉන්දියාව ද නොමිලේ ගිලන්රථ ලබා දුන්නේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී වසංගත කාලපරිච්ඡේදය තුල ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සුවිසල් කාර්යභාරයක් ඉෂ්ට කළ සුවසැරිය ගිලන් රථ සේවාවේ සේවය කැපවීම අගය කළේය