ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් ජපානය සංවිධානය කරයි

Spread the love

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම රැස්වීමේ දී, මෙරට පවතින අර්ථික අර්බුදය සමඟ කටයුතු කිරීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරන ලෙසට ණය දෙන අනෙකුත් රටවලින් ජපානය විසින් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද එහි සඳහන් වනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පවතින ආර්ථීක අර්බුදයට සහය දක්වන ලෙසට ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida ගෙන කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම රැස්වීම සංවිධානය කර තිබෙනවා.

Related Posts