කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීමට අවශ්‍ය වන යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක සහනදායී ණය මාර්ගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා රජය සිදු කරන ලද හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම කැපවීම දූපත් දිවයිනට සිදුකළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ “මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉදිරියේ 2022 ජූනි 10 දින ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය අපනයන-ආනයන බැංකුව අතර සහන ණය ගිවිසුමක් අත්සන් කරන ලද බවයි.මෙම අවස්ථාවට අවස්ථාවට දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

ගොවීනට යල කන්නයේ වී වැපිරීම සඳහා වන පොහොර අවශ්‍යතාවය සපුරාලීමට මෙම ණය සහනය මගින් ශ්‍රී ලංකා රජයට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ පවතින තීරනාත්මක අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනමින් යූරියා පොහොර සැපයුම් ශ්‍රී ලංකාවට ළඟා විය හැකි පරිදි සියලුම ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි යුහුසුලුව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය අපනයන-ආනයන බැංකුව ක්‍රියාකරයි.

මෙම ණය සහනය ලබාදීමේ උත්සවයට එක් එක්වෙමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජය වෙත සිය කෘතඥතාව පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ ණය සහනය කඩිනමින් අවසන් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසාධනයට ඉන්දීය රජයේ කැපවීම යළිත් පෙන්නුම් කරන බවයි.

ඉන්දියාවේ ‘අසල්වැසි පළමුව’ ප්‍රතිපත්තියට අනුකූලව සහ ශ්‍රීලාංකීය ජනතාවගේ සංවර්ධනයට හා සුබසාධනයට දායක වන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට බහුකාර්ය සහය ලබා දී ඇත.

පසුගිය කාලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ආසන්න ආර්ථික ආධාරවල සිට ආහාර, ඖෂධ, ඉන්ධන සහ භූමිතෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමෙන් ශ්‍රී ලංකාවේ ආහාර, සෞඛ්‍ය සහ බලශක්ති සුරක්ෂිතභාවය සුරක්ෂිත කිරීමට ඉන්දියාවේ කැපවීම අවංක මිතුරකු ලෙස ‍‍ සිහිපත් කළ හැකිය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්