ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නවදිල්ලියේ පැවැත්වෙන දෙදින ආසියාන්-ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමේදී පැවසූයේ ශක්තිමත්, ඒකාබද්ධ හා සමෘද්ධිමත් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ආසියන්)ට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.මෙම රැස්වීම ආසියාන්-ඉන්දියා සංවාද සබඳතාවල 30 වැනි සංවත්සරය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 10 වැනි සංවත්සරය සනිටුහන් කරයි.

ඔහු ආසියාන් ප්‍රාදේශීයවාදයේ, බහුපාර්ශ්විකවාදයේ සහ ගෝලීයකරණයේ ආලෝකයක් ලෙස විස්තර කළේය. ආසියාන් සංවිධාන එයටම ආවේණික අනන්‍යතාවක් ඉන්දු පැසිෆික් කලාපය තුළ ගොඩනගා ගත් බවත් ඉන්දු පැසිෆික් කලාපයේ විකාශනය වන උපායමාර්ගික හා ආර්ථික ව්‍යුහයට

පදනම සැපයූ බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් පෙන්වා දුන්නේය.

ඉන්දු-පැසිෆික් කලාපයේ කේන්ද්‍රීයත්වය සම්පූර්ණයෙන් පිළිගෙන ඇති ශක්තිමත්, ඒකාබද්ධ හා සමෘද්ධිමත් ආසියාන් සංවිධානයකට ඉන්දියාව පූර්ණ සහාය දෙන බව ජයිශංකර් පැවසීය. ලෝකය මුහුණ දෙන භූ දේශපාලන යථාර්ථය හා අවශ්‍යතාවයන් අවධානයට ලක් කිරීමේදී ආසියන්හි කාර්යභාරය වෙන කවරදාකටත් වඩා වැදගත් වන බව ඔහු තවදුරටත් පැවසීය.

ආසියාන්-ඉන්දියා සංවාද සබඳතා 1992 දී ආංශික හවුල්කාරිත්වය පිහිටුවීමත් සමඟ ආරම්භ විය.2002 දී සමුළු මට්ටමේ හවුල්කාරිත්වය සහ 2012 දී උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා පුළුල් වී ඇත. ඔහුගේ නිරීක්ෂණය වූයේ ආසියාන්-ඉන්දියා සබඳතා කාලයක් සමග ස්ථාවර මාර්ගයකට ප්‍රවිෂ්ට වී ඇති බවයි.

ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය විමධ්‍යගත ගෝලීයකරණය සහ විශ්වාසදායක සැපයුම් දාමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වඩා හොඳ සම්බන්ධිකාරකයකු ලෙස ඉන්දියාව සහ ආසියන් රටවල් හොඳින් ස්ථානගත වනු ඇත යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව පෙන්වා දුන් ඔහු, පශ්චාත් වසංගත ප්‍රකෘතිය සඳහා තවමත් ආවරණය කිරීමට බොහෝ ඉඩ ඇති බව පැවසීය.

යුක්රේනයේ පවතින අර්බුදය පිළිබඳ සඳහන් කරමින් ඔහු පැවසූයේ ලෝක ආහාර අර්බුදය හා බලශක්ති සුරක්ෂිතතාව සහ කෘෂිකාර්මික පොහොර මිල නිරන්තර උච්චාවචනය නිසා අප සියලු දෙනා මුණ දෙන භූ දේශපාලන අර්බුද තීව්‍රර කර ඇති බවයි

වර්තමානයේ අප මුහුණ දෙන ගෝලීය අවිනිශ්චිතතාවයන් තුළ අපගේ ගමන සමාලෝචනය කර ඉදිරි ගමන් මග සඳහා නව මුලපිරීම් කල්තියා හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය නව ප්‍රමුඛතාවයන් හඳුනාගැනීම වැදගත් වේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මතු කර දැක්විය