වසර දෙකක විරාමයකින් පසු ඉන්දියාව-බංග්ලාදේශය බස් සේවා නැවත ආරම්භ වේ

Spread the love

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මගී බස් රථ සේවාව  සිකුරාදා  නැවත ආරම්භ විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකක  මෙම බස් රථ සේවාව අත්හිටුවා තිබිණි

මෙම බස් රථ සේවාව  නැවත ආරම්භ කිරීම  පිළිබඳව බංග්ලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. එම පණිවිඩයේ සඳහන් වූයේ ඩකා-කොල්කටා-ඩකා බස්රථය අද උදෑසන ඩකා නුවරින් ආරම්භ කළ බවයි.  දැරිය හැකි මිලකට, මිනිසුන් කේන්ද්‍ර කරගත් සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රධාන ඉදිරි පියවරක් ලෙස ද එහි සටහන්ව තිබිණ

ඉන්දීය සහ බංග්ලාදේශ රජයෙන් අවශ්‍ය අවසර ලබා ගත් පසු ICP ඩව්කි-තමාබිල් හරහා බස් සේවාව නියමිත කාලය තුළ දියත් කරන බව මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මගේ රට දැරිය හැකි මුදලකට බස් රථ සේවාව පරිහරණය කිරීම තුළින්   දෙරටේ  මගින් කේන්ද්‍රකරගත්  සම්බන්ධතාවය  අන්තර් පුද්ගල සම්බන්ධතාවයක්  සඳහා වන ඉදිරි පියවරක් බව   මාධ්‍ය නිවේදනයේ  වැඩි  දුරටත්  සඳහන් වේ.   මෙම බස් රථ සේවාව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ජනප්‍රිය සංචාරක මාධ්‍යයක් වේ

මීට පෙර  මැයි 29 වනදා  දෙරට අතර  මගී දුම්රිය සේවාව නැවතත් සක්‍රීය කෙරිණ.  කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට දෙරට අතර දුම්රිය සේවා ද අත්හිටුවා තිබුණි.දුම්රිය සේවාව ආරම්භ වී දෙසතියකටත් අඩු කාලයක් තුළ  බස් රථ සේවාව   නැවත ආරම්භ කෙරිණ

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දැන් දුම්රිය තුනක් ගමන් කරයි. බන්ධන් එක්ස්ප්‍රස් කොල්කටා සහ බංග්ලාදේශයේ කුල්නා අතර ක්‍රියාත්මක වන අතර මෛත්‍රී එක්ස්ප්‍රස් කොල්කටා ඩකා සමඟ සම්බන්ධ කරයි. මිතාලි එක්ස්ප්‍රස් නම් නව දුම්රියක් ද නිව් ජල්පයිගුරි සහ ඩකා අතර මෙහෙයුම් ආරම්භ කර ඇත.

බංග්ලාදේශය හා ඉන්දියාව  ඉතා පුළුල්  ද්විපාර්ශික සබඳතා භුක්ති විදි.  ඉන්දියාවේ  කොල්කටා ප්‍රාන්තය  බහුතරය  බෙංගාල ජන වර්ගයට අයත් වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්

Related Posts