රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒකකයක්

Spread the love

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ බවයි සඳහන් වන්නේ.

මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කරගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමද මෙම ඒකකයට පැවරෙන බවයි සඳහන් වන්නේ.

රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි කාර්යසාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්ත්වයක නොපැවතීම හේතුවෙන් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය විසින් මෙම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Posts