රනිල් පිළිගත් අගමැති කෙනෙක් නම් කරන්න කියයි

Spread the love

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට  ඊයේ දැනුම් දී ඇත.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දී ඇත.

එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බවයි.

 

RSL

Related Posts