
පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙරවරු 09.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 12.30ට පැවැත්වීමටද නියමිතයි.