යළිත් අරගලයකට මම ඉඩ දෙන්නේ නෑ – ජනපති

Spread the love

ආණ්ඩුව වෙනස් කිරීම සඳහා යළිත් අරගලයක් ඇති කරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේ සිදු කිරීමට පැමිණියහොත් හදිසි නීතිය සහ හමුදාව යොදවන බව ද අද අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

ආර්ථික අර්බුදය විසඳන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් නොමැති බවත්, මැතිවරණයකට යනවා නම් වෙනසක් සිදුකර ජනතාවට සහන ලබාදී මැතිවරණයකට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

 

 

Related Posts