පසුගිය වසර 18 පුරා ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයින් 35,0000 කගේ පමණ දත්ත දායක කර ගනිමින් සිදුකල පර්යේෂණයකින් පසු, මොලේ පිළිකා සහ ජංගම දුරකථන අතර සම්බන්ධතාවක් නොමැති බව හෙළි වී තිබේ.
වසර 20ක පමණ කාලයක සිට මේ පිළිබඳ දැඩි විවාදයක් පැවතිණ.
පසුගිය වසර කිහිපය තුල ලොව පුරා ජංගම දුරකථන භාවිතය අති විශාල ලෙස ඉහළ යාමද සිදුවිය.
කෙසේ වෙතත් මේ පිළිබඳ නවතම පර්යේෂණ පැවැත් වු ඩෙන්මාර්ක පිළිකා අධ්‍යන ආයතනය නිගමනය කර ඇත්තේ, වෙනත් පුද්ගලයින් හා සැසදීමේදී ජංගම දුරකථන භාවිත කරන්නන්ට මොලේ පිළිකා වැළදීමේ අවදානමක් නොමැති බවයි.
Loading...