මොංගෝලියාවේ බහුජාතික සාමසාධක අභ්‍යාසය ඛාන් ක්වෙස්ට් -2022 මොංගෝලියාවේ උලාන්බාටර්හි සාම සහාය මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී අවසන් විය. මෙම සාමසාධක යුද අභ්‍යාසයට ඉන්දියාවේ ලඩාක් අනුඛණ්ඩය නියෝජනය කරමින් භට පිරිසක් සහභාගි විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2022 ජූනි 06 සිට ජූනි 20 දක්වා ජාතීන් දහසයක හමුදාවන්ගේ නියෝජනය සහිත මෙම අභ්‍යාසය තුළින් අන්‍යෝන්‍ය සබඳතාවන් වර්ධනය කර ගැනීමටත්, එම රටවල හමුදාවන්හි හොඳම භාවිතයන් බෙදා ගැනීමට වේදිකාවක් සලසා දුන් බවත් ය.

මෙය බහුජාතික අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ බලකායේ කොටසක් ලෙස සිදු කරන ලදී.මෙම අභ්‍යාසය අතරතුර පුහුණු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ නියමයන්ට අනුව උපක්‍රමශීලී මෙහෙයුම්, සටන් සාකච්ඡා, කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ අණ දෙන පත්වීම් ඇතුළත් වේ.

මෙම අභ්‍යාසය තුළින් සහෝදර රාජ්‍යයන්හි හමුදාවල නව යුද උපක්‍රම සහ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය සහය වර්ධනය කිරීමටත් මනා පිටිවහලක් වූ බව ජත්‍යන්තර මාධ්‍ය පවසයි

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්