මේ වසර තුළ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්වෙලා

Spread the love

පසුගිය සැප්තැම්බර් මාසයේ දී විදේශ රැකියාවන් සඳහා පුද්ගලයින් 30,084ක් පිටත්ව ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව නුපුහුණු ශ්‍රමිකයන් 10,491ක් ද, පුහුණු ශ්‍රමිකයන් 9,391ක් ද, ගෘහ සේවිකා 7,027ක් ලෙස ද මෙලෙස විදේශ රැකියාවන් සඳහා පිටත්ව ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

2022 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිරිස 222,678ක් බවත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

Related Posts